ඩබ් ඒ පියතිලක

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බව කියන හිගුරක්ගොඩ සහ පළුගස්දමන ප්‍රදේශවල පදිංචි 13 දෙනෙකු නිරෝධායනය සඳහා පුනාණි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා පවසයි.

මෙසේ නිරෝධනයට ලක්කර ඇත්තේ කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබළා ගමන් ගත් ලොරි රථ දෙකේ රියදුරන් සහ සහායකයන්ගේ පවුලේ සමාජිකයන්ය.

හිගුරක්ගොඩ සහ පළුගස්දමන පදිංචිකරුවෝ වෙති.

නිරෝධානයට ලක්කල පිරිස 13 දෙනෙකු බවත් මේවන විට පොලොන්නරුවේ නිරෝධානයට ලක්කල මුළු පිරිස 49ක් බවත් පොලොන්නරුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා වැඩිදුරටත් පැසුහ.