කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිරියාවේ සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.

මෙතෙක් සිරියාවෙන් තහවුරු වී ඇත්තේ ආසාදිතයන් 9ක් පමණි.

එසේ වුවද වෛද්‍ය අංශ සඳහන් කරන්නේ ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රටපුරා සිටින බවයි.
  
රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර ගමනාගමනය තහනම් කිරීම ඇතුළු දැඩි නීති රීති ක්‍රියාවට නංවා තිබේ.
 
වසර නවයක කාලයක් තිස්සේ පවතින යුද්ධයෙන් බැටකන සිරියාවේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට දුර්වල වී පවතී.
 
මේ හේතුවෙන් කොරෝනා වයිරසය විශාල වශයෙන් සිරියාවේ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)