(දයාසිලී ලියනගේ)
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පෙන්නුම් කෙරෙන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ලක් ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතරයක් සමගි ජනබලවේගයට සම්බන්ධව සිටින නිසා මෙම පක්ෂ දෙක අතර වෙනස ජනතාවට පෙන්වාදිය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.
ඒ අනුව මෙම පක්ෂ දෙක අතර වෙනස පෙන්නුම් කරන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ල ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.
COMMENTS
අනේ මොකටද? ඕව අපිට වැඩකුත් නැහැ ... ඕව මිනිස්සු මුලා කරන කොළ කැලි විතරයි... මේ යන විදිහ ඉතාම හොදයි... රට නියම විදිහට කරගෙන යනවා. ආයි මොකා ආවත් මෙයිට වඩා වැඩි දෙයක් වෙන්න නැහැ...
පක්ෂ දෙකෙ වෙනස තමයි එක පක්ෂෙක ඉන්නෙ උගත් මෝඩ හොරු.. අනෙකෙ ඉන්නෙ නූගත් මෝඩ හොරු
සජිත් , ඔබ පැහැදිලිවම අවංකව ජනතාවට කියන්න. ඔබ ජයග්‍රහණය කල වහාම මේ දේවල් ඔබ ඉටුකරනවා කියලා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම දිනු වහාම ඒ පොරොන්දු ඉෂ්ට කරන්න. 1. mcc ගිවිසුම කිසි ලෙසකින්වත් අත්සන් නොකිරීම. (සංශෝධන අවශ්‍ය නැත) 2. රජය මේ දිනවල බලෙන් කපාගන්න රජයේ සේවකයින්ගේ වැටුප් වහාම නැවත ලබාදීම. 3.(රනිල් වික්‍රමසිංහගේ රජයෙන් සිදුවූ බලපෑම නිසා මේ පොරොන්දුව ඉෂ්ට කිරීමට නොහැකිවිය) නඩු අසා සිරගත කිරීමට සිටි "මහින්දගේ කාලයේ සිටි සියලුම දුෂිතයින්" රටෙන් පිට වීම නවතා,වහාම නඩු අසා,සිරගත කිරීම.ඔවුන් හොරාගත් සියලුම මුදල් ඔවුන්ගෙන් අයකරගැනීම සහ දේපොළ සියල්ල රාජසන්තක කිරීම.
ප්‍රතිපත්තියක් නොමැති කල්ලි කණ්ඩායම්වලට නායකත්වයක් දෙන සජිත්ට ප්‍රතිපත්තියක් තිබේද ?
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පක්ෂය කඩාගෙන ගිය එකෙන්ම තේරෙන්නේ නැතිද ඩිඑස් සේනානායකල, ඩඩ්ලි සේනානායකල, ජෝන් කොතලාවල, ජෙ ආර් ජයවර්ධනලා ගොඩනගපු සහ වර්තමාන නායක රනිල්ලා නායකත්වය දෙන පක්ෂයේ බොරු කාරයන්ට ඉන්න බැරිය.