IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්පාඤ්ඤය තවත් දින 15 වසා දමයි‍

කොවිඩ් 19  වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර රට වසා දැමීමට ස්පාඤ්ඤ රජය ගත් ක්‍රියාමාර්ගය තවත් දින 15 කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව හදිසි තත්ත්වය අප්‍රේල් මස 26 වනදා දක්වා දීර්ඝ කිරීම සඳහා අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් විසින් එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද සඳහන් වේ.
 
කොවිඩ් 19 වයිරසයේ ප්‍රබල බලපෑමට ලක්වූ රටක් වන ස්පාඤ්ඤය ලොව ආසාදිතයින් වැඩිම රටවල් අතර දෙවන ස්ථානයට මේ වන විට පත්ව සිටින අතර ඒ අනුව එරටින් ආසාදිතයින් එක් ලක්ෂ 26,168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,947 කි.
 
රට වසා දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට හැකි වූ බවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
 
ගාඩියන් ඇසුරෙනි

125



අදහස් (0)

ස්පාඤ්ඤය තවත් දින 15 වසා දමයි‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site