IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැන් ෆ්‍රැන්සිස්කෝ සති තුනක් වසාදමයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර, සති තුනක කාලයකට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලයන්ට සිය නිවාසවලින් පිටවයාම තහනම් ය. එසේ වුවත්, වෛද්‍යවරුන් නිවසට කැඳවන්නේ නම් හෝ ආහාර මිලදීගැනීමට යන්නේ නම් ඊට අවසර ඇත.

සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වසාදැමීමත් සමඟ ම, ඒ ආශ්‍රිතව ඇති තවත් පළාත් 6ක වෙසෙන මහජනයාටද  සුරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඇමෙරිකාවේ ප්‍රාන්තයක් හෝ පළාතක් හෝ නගරයක් වසාදැමීම යනු, දැඩි පියවරක් බවත්, කිසිවකු හෝ මෙම උපදෙස් පිළිනොපදින්නේ නම්, නීතිමය පියවර ගන්නා බවත් නිලධාරීහු සඳහන් කරති.

“මෙය තීරණාත්මක අවස්ථාවක්. අපිට වගකීමක් තියෙනවා, අපේ කොටස හරියට කරන්න. අපේ අසල්වැසියන් ආරක්ෂා කරන්න. එවැනි දෑ කිරීමෙන් වයිරසය ආසාදනය වීම වළක්වන්න. ඒනිසා අත්‍යවශ්‍ය ම දෙයකට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් නිවාසවලින් බැහැරවෙන්න එපා” යැයි ඔවුහු පවසති.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම වසා දැමීමේ, එනම් රටේත්, ආයතන සහ කාර්යාලවලත් සියලු දොරටු වසා දැමීමේ තීරණයට යාමට ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපති ට්‍රම්ප් මහතා නතර වී තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙම වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා පරිපාලනමය විසඳුමක් යොදන්න‘යි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන්ගේ විවේචනය. 

ඊයේ ධවල මන්දිරයේ දී පුරවැසියන් අමතමින් ජනපතිවරයා පැවසුවේ, පුද්ගලයන් 10 දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් වශයෙන් රැස්නොවන ලෙසය. එසේම, ආපනශාලා, මත්පැන්හල් සහ වෙළඳසැල් වෙත නොයන ලෙස පැවසූ ජනපතිවරයා ඇමෙරිකාවේ සියලු දොරටු වසාදැමීමේ තීරණයක් ගෙන නැති බව සඳහන් කළේය.

නිව්යෝක්, නිව්ජර්සි සහ කනෙක්ටිකට් යන ප්‍රාන්ත බලධාරීන් සිය ප්‍රාන්ත තුනෙහි ම මත්පැන් අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා සහ ආපනශාලා සඳුදා රාත්‍රී 8.00 සිට වසාදැමීමට පියවර ගෙන ඇත.

නිව් ජර්සි ප්‍රාන්තයේ රාත්‍රී 8.00 සිට පසුදා පාන්දර 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටද, අනවශ්‍ය ගමන් නවතාදැමීමට ද  බලධාරීහු පියවර ගත්හ.



අදහස් (1)

සැන් ෆ්‍රැන්සිස්කෝ සති තුනක් වසාදමයි

sharm warn Tuesday, 17 March 2020 07:56 AM

මෙහෙ එහෙම බැහැ ... නාම යෝජනා දෙන්නම කීදෙනෙක් ඉන්නවද පස්සෙන් එල්ලිලා යන්න ..නාම යෝජනා කියන්නේ කොච්චර වැදගත් වැඩක් ද .. ඕගොල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ අප්පා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site