(මහින්ද නිශ්ශංක)
සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ.
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුදු සීනි පාලන මිල ඉවත් කර තිබේ.
සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට සිදුවී ඇතැයි පාරිභෝගික අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට අද (29) වන විට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 112 ක් පමණ වෙතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
මේ අතර සීනි කිලෝවක සිල්ලර මිල අද (29) රුපියල් 120, 125 වශයෙන් පැවති අතර ලංකා ස.තො.ස මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 119 කට අලෙවි කෙරිණි.
සීනි තොග මිල ඉහළයාමට හේතුවී ඇත්තේ ඩොලරයේ අගය ඉහළයාමත්, දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වයිරසය හේතුවෙන් සීනි ආනයනය කිරීමේදී නැව් ගාස්තු සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළයාමත් නිසා බව පවසන තොග වෙළෙන්දෝ සීනි මෙට්‍රික්ටොන් එකක මිල මේ වන විට ඩොලර් 390ත් 400ත් අතර පවතින බව ද කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් සිනි 100 ට නෑ , අපි ගන්නේ 140 ට කඩවලින්...
ජාත්‍යන්තර වෙළදපලේ සීනි මිල මාස ගානක ඉදන් අඩු වෙනවා. කොරෝනා නිසා සීනි මිල වැඩි වෙලා නෑ . අඩු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙකුට මේ තොරතුරු ගන්න පුළුවන් නිල මුලාශ්‍ර තියනව ඉන්ටර්නෙට් එකේ. නමුත් ඩොලරයේ අගය ඉහල ගිය එක බලපානවා. අද ටොන් එකක මිල (ප්‍රවාහන සහ අනිකුත් පිරිවැය නැතිව) ඩොලර් 309 ක් වගේ. ඒ කියන්නේ කිලෝ එකක් රුපියල් 61 ක් වගේ. එතකොට පාරිබෝගිකයට රුපියල් 100 දෙන්න පුළුවන් අධික ලාබයක් ගන්නේ නැත්නම්. කොහොම උනත් රුපියල් 110 කියන්නේ සාමාන්‍ය සාධාරණ මිලක් කියලයි මාගේ අදහස.
මේ ඔක්කොම කිය්න්නේ පච... බොරතෙල් අඩු වුණා නම් කොහොමද නැව් ගාස්තු වැඩිවෙන්නේ ?
අපරාදේ මිල පාලනය ඉවත් කළේ? චන්දේ ඉවර වෙනකල් හිටියනම් ඉවරනේ.
මේ දවස්වල බියගම මල්වාන ප්‍රදේශයේ වෙළඳ සල්වල සීනි මිල කිලෝ 01 ක් රුපියල් 130/- සිට 145/- දක්වා මිලටයි වික්කේ. මිල පාලනය ඉවත් කල නිසා සීනි කිලෝ 01 රුපියල් 150/- ත් ඉක්මවයි වගේ. මේ මිල ගමේ ජනතාවට දරා ගන්න හැකිවේදැයි රජය සිතනවා නම් සුදුසුයි. නැතිනම් ජනතාව කබලෙන් ලිපට වැටුන වගේ වෙයි. සහල් මිලත් හොඳටම වැඩිවෙලා තියෙනවා. වියලි මිරිස්, කොත්තමල්ලි, සූදුරු මිලත් ඉහල ගිහින්.
වගාකරමු මුඩුඉඩම් වවමු... උක්ගසුත් වගාකරමු හදමු සීනි. ජනධිපතිතුමනි, වෙලඳුන් හා සම්බන්ධවී මේ ප්‍රධාන පක්ශදෙකේම අය පිටරටින් සීනිගෙන්වා අපරටේ තිබූ සීනි කර්මාන්තය විනාසකලා. ලන්කාවේ සීනි කර්මාන්ත පිහිටවූ මුල්කාලයේ රටගැන කැක්කුමක් තිබූ නායකයින් සිටි නිසා ඒවා දියුණු උනා. ඒත් රටේ අභාග්‍යට පසුව ඇතිවූ මැති ඇමතිවරු හිතුවේ රටේ දියුණුව ගැන නොව තම අව්ල ගැනයි. ජනාධිපතිතුමනි, මේ ඔබගේ කාලයයි. නැවතත් නැගෙනහිර යුරෝපීය රටවලින් හෝ චීනයෙන් අපට උදව් ලබා ගැනීමට බලන්න....
කෝවිඩ් අස්සේ විහිලු සපයන මිල පාලනය....
තාරකගේ අදහසට ඩිස් ලයික් වැටෙන්නේ ඇයි?
සිනි විතරද? 65යි කියපු පරිප්පු අද ගත්තෙ කිලොවක් 190ට, එකෙත් මිල පාලනය ඉවත් කෙරුවලු.
බැරි දේ නොකරන් අබරෝ කීවලු. මිල පාලනේ කියා චන්දෙ බලාගෙන බඩු මිල අඩු කළාට බයි පොහොට්ටුවෙක් වත් ගත් මිලට අඩුවෙන් දෙන්නේ නෑ. සජිත් රනිල් නොහිටින්න චන්දෙ ගොඩයනවා බොරුයි. බයියනේ උන් දෙන්නට පින් දීලා බොහෝ කල් විපක්ෂේ තියා ගනිල්ලා....
සීනි විතරක් නෙවෙයි හැමදේකම මිල පාලනය රජයෙන් ගිලිහිලා. වෙළෙන්දෝ හිතු හිතු ගණන් වලට බඩු විකුණනවා. ආණ්ඩුව රුපියල් 5,000 බෙදලා අත පිහදාගන්න හදනවා. මේ ගණන් වල හැටියට රුපියල් 5000 දවස් 5ක් ජීවත්වෙන්න පුළුවන්. ඒ මදිවට ඇමතිවරු දම්මලා කියවනවා පිටරටින් සතයක්වත් ලැබුනේ නැහැ කියලා. දැන් ඉතින් කොරෝනා පිට දාලා මිනිස්සුන්ගෙන් ගසාකාවි. අනිවාර්යයෙන්ම ජල, විදුලි, ප්‍රවාහන ගාස්තු පවා වැඩිකරයි.
දැන්වත් කසිප්පු පෙරන එක නතර වෙයිද ? නැත්නම් කෝපී බීලත් ඉවර වෙයිද ?
සීනි නැතව මිනිස්සු මැරෙන්නේ නැහැ. දියවැඩියාව නැතුව වැඩි කලක් ජීවත් වෙන්න පුළුවන්ම. මම අවරුදු 30 කින් විතර සීනි කාලා නැහැ. මිරිස් පැළයක් හිටවන්නේ නැතිව අපේ මිනිස්සු මිරිස් මිල ගැන කියා කියා හුල්ලනවා.
ඔන්න ඒ පාර සීනි වලටත් කොරෝනා හැදිලා. අපේ ආචාරිය බන්දුල උන්නැහේ ළඟදීම කියාවි දියවැඩියාව නතර කර ගැනීම සඳහා සීනි නැතුව කහට කෝප්පය බොන්න කියල. දැන් ඉතින් ගමේ කරෝලිස් ගොයියාගේ පොල් අතු තේ කඩේ ඉඳන් තරු පහේ ආපනශාලා දක්වාම තේ කෝප්පේ මිල යන එක නම් නවත්තන්න බැරි වේවි. දැන් ඔබට සතුටුද ? දැක්කද බයියලගේ වැඩ කියල අරයා අහවි !!!
තෙල් මිල = පරිප්පු කියලා ජනතාව අන්දුවා රටේ නායකයා .
සීනිවල පාලන මිල ඉවත්කරලා නේද? එතකොට අර චන්දේ ප්‍රකාශ කරනවත් එක්කම අඩු කරපු සැමන්? පරිප්පු? දැන් ඒ ගානට තියෙනවද? නැහැ නේද? දැන් පැහැදිලියි නේද ඒවා අඩුකරේ චන්දෙට කියලා? චන්දේ කල්ගිය ගමන් ඒවා වැඩි කරා. දැන් අඩුවුණ ඉන්ධන මිලේ වාසිය දෙන්නේ මොකෙන්ද? හැමෝම හැමදාම කරේ අපිව රැවැට්ටුව එක...