IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘සතුන්ට ප්‍රතිකාර කරන්න ඕනෑම වේලාවක සූදානම්‘‘

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාත් තුල සත්ව ගොවිපළවල සහ පෞද්ගලිකව හදා ගන්නා සතුන්ට ඇති වන රෝගී තත්වයන් සඳහා ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුල වුවප්‍රතිකාර කිරීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම පශු වෛද්‍යවරුන්ද සූදානමින් සිටින බව මධ්‍යම පළාත්  සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය අද (25) පැවසුවාය.

විශේෂයෙන් ගවයින් සහ එළුවන් ඇතුළු සතුන්ට වැළඳෙන හදිසි රෝගී තත්වයන්වලදී මෙන්ම පැටව් ප්‍රසූතියේදීද ඇති වන සංකූලතාවයන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරුන් සූදානමින් සටින බවත් එලෙස සතුන්ට හදිසි රෝගී තත්වයක් ඇති වුවහොත් අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරින්  වෙත හෝ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙසත් අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව  පවතින කාල සීමාවේ වුවද අවශ්‍ය වුවහොත් පොලිසියෙන් අවසරයක් ලබා ගෙන අදාළ ස්ථානයට ගොස් එම සතුන්ටඅවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් පළාත් අධ්‍යක්ෂිකා රාජනායන මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

මේ අතර සත්ව ගොවිපළවල් මෙන්ම තනිව සතුන් ඇති කරන ඇතැම් ගොවීන් වර්තමානයේ පවතින කොරෝනා අවදානම නිසා සතුන්ගෙන් ඈත් වී සිටීමට උත්සාහ කිරීම පිළිබඳව අධ්‍යක්ෂවරියගෙන් විමසූ අවස්ථාවේ සඳහන් කළේ මෙතෙක් කෙරෝනා වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවන බව පමණක් සොයා ගෙන ඇති බවත් එය තව දුරටත් සතුන්ගෙන් බෝවන බවට  කිසිදු තොරතුරක් නොමැති නිසාත් සතුන් සම්බන්ධයෙන් බියක් ඇති කර ගත  යුතු නැති බවද පළාත් අධ්‍යක්ෂිකා ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

 



අදහස් (1)

‘‘සතුන්ට ප්‍රතිකාර කරන්න ඕනෑම වේලාවක සූදානම්‘‘

vidya Wednesday, 25 March 2020 10:06 PM

පළාත් අධ්‍යක්ෂිකා රාජනායන මහත්මියනි , ඔබතුමියට ඇතිවුණු කාරුණික මිනිස් ගුණය ලෝකයේ කිසිම කෙනෙක් ගෙන් මේ වනවිට ඇතිවී නැත . ඔබතුමියටත් , ඔබතුමියගේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය ප්‍රණාමය කරමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site