බිමල් ෂ්‍යාමන් ජයසිංහ
යුරෝපීය රටවල් වල සිට මෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වස්කඩුව හා වාද්දුව සංචාරක හෝටල් දෙකක මුදල් ගෙවා නැවතී නිරෝධනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් 86 දෙනෙකු අද දින (14) පීසීආර් පරීක්ෂණයට භාජනය කළ බව කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
ඉකුත් 4 වෙනි දින මෙරටට පැමිණි එම පුද්ගලයන්ගේ නිරෝධනය කාලය අවසන් වීමට ඇත්තේ මෙම මස 18 වෙනි දින බව වෛද්‍ය වරයා කීය.
පීසීආර් පරීක්ෂණ වෛද්‍ය වාර්තාවන් හෙට දින 15 ලැබීමට නියමිත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරක හෝටල් දෙකක නැවතී සිටි 86 ක් පීසීආර් පරීක්ෂණයට
Namal karunarathna Thursday, 14 May 2020 04:42 PM
අනේ එයාලගෙ කොහොම හරි චෙක් කරල බලල පරිස්සම් කරගන්න.. අනිත් අයට නැතුවට කමක් නෑ.. ඕවටත් සල්ලි ගෙවයි..
Lakmal Friday, 15 May 2020 01:29 AM
ඕක නම් පුදුම කුහකකමක් මහත්තයා ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් කොහේ ඉදන් නිරෝධායනය උනත් අපිට මොකද? ඒකෙන් අඩු ගානේ රජයේ සල්ලිවත් ඉතුරු වෙනවා නේද?
lalithm Thursday, 14 May 2020 04:54 PM
සල්ලි ගෙවනවා නම් තව සති දෙක තුනක් ඔන්න ඔහේ තියාගමු. නිකම් තියෙන හෝටලේ නේ....
de silva Friday, 15 May 2020 04:00 AM
ලංකාවේ දිනකට රුපියල් 1000 පටන් ගත්තම රුපියල් ලක්ෂ ගණනින් කාමරයකට අයකරන සංචාරක හෝටල් තිබෙනවා. අපට අවශ්‍ය නම් මෙම හෝටල් සෞඛ්‍ය බලධාරීන්ගේ අධික්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස සකස් කර මුදල් අයකර විදේශික සංචාරකයන් , පිටරට ඉගෙන ගන්න සිසුන් , විදේශ වල සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් වැනි සියලුදෙනාම නිරෝධනය කර රට තුලට ඇතුල් කරගත හැක. මෙසේ කරනවිට තමන්ගේ අතේ ඇති මුදලට නිරෝධන හෝටලයක් තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දිය හැක. මුදල් ගෙවීමට අකමැති පුද්ගලයන් රජයේ දැනට තිබෙන නිරෝධන මධ්‍යස්ථාන හරහා රට තුලට ගන්න පුළුවන්.... කාමර වෙන්වෙන් වශයෙන් තිබෙන නිසා සංචාරක හෝටල් නිරෝධන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. මුදල් තිබෙන පුද්ගලයන් තම නිරෝධනයට යන මුදල තමන් විසින්ම ගෙවන නිසා රජයට විශාල ඉතුරුවක් සිදුවේ....