(චන්ද්‍රසේන ගමගේ)
සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්නේනම් ලබන සඳුදා සිට අන්තර් පළාත් ප්‍රවාහන සේවය සඳහා අවසර ලබා දීමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
මේ රටේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟම සියළු අංශ අක්‍රීය වුණා .ප්‍රවාහන අංශය ඉන් ප්‍රධානයි.ලංගමය හා දුම්රිය විශාල ලෙස අලාභ ලබමින් තමයි කොරෝනා වසංගතයට මුහුණ දි සිටින්නේ.
පෞද්ගලික ප්‍රවාහන සේවයත් මේ වන විට ගැටළු රැසකට මුහුණ දි තිබෙනවා.ඔවුන් සඳහා සහන සලසන්න රජය මේ වන විටත් පියවර අරගෙන තිබෙනවා.කොහොම නමුත් ප්‍රවාහන ක්ෂේත්‍රය යතා තත්වයට පත් කිරීම සඳහා ජනතාවගේ වගකීම් සහගත හැසිරීම දැඩි ලෙස බලපානවා.
ඉදිරියේදි ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට පමණයි බස් රථවලට හා දුම්රියට ඉඩ දෙනු ලබන්නේ.දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව තිබෙන්නේ මගී ආසන 26000 ක් පමණයි.
ලක්ෂ එකහමාරක් පමණ දිනපතා මගීන් දුම්රියේ හිටගෙන ගමන් යනවා.ඉදිරියේදි ඒ ප්‍රමාණය දුම්රියට නැති වෙනවා.දුම්රිය දෙපාර්තමෙන්තුවට මෙය ඉතාමත් අලාභයි. නමුත් අපි ඊට මුහුණ දිය යුතුයි.
විදුලි බල මණ්ඩලය ගත්තත් මේ වන විට ආදායම ඉතා දරුණු ලෙස පහළ වැටී තිබෙනවා. සේවක පඩි ගෙවන ප්‍රමාණයට පමණයි දැන් තිබෙන ආදායමෙන් පුළුවන් කම තිබෙන්නේ.
මහාපරිමාණ කාර්මාන්ත ශාලා හා හෝටල් සංකීර්ණ වලින් ලැබෙන ආදායම පහළ බැස තිබෙනවා.නිවාස වලින් ලැබෙන ආදායමෙන් පමණක් විදුලි බල මණ්ඩලය නඩත්තු කරන්න පුළුවන් කමක් නෑ.
ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු බිල්පත් උපරිම ලෙස ගෙවන්න කියා.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
375
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘සෞඛ්‍ය නිර්දේශ මත අන්තර් පළාත් ප්‍රවාහන සේවය ආරම්භ කරන්න පුළුවන්‘‘
Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 10:52 AM
බස්වල, කෝච්චිවල මගීන් විඳපු දුක්පීඩා අනන්තයි. ඒ වගේම ස්ට්‍රයික් වලදීත් එහෙමයි. දැන් ප්‍රවාහන අංශ වුර්තීය සමිති කාරයින්ට නොරැවටී මගී ජනයාට හොඳ සේවයක් ලබාදීමට අදිටන් කරගත යුතුයි.
de silva Friday, 15 May 2020 02:06 PM
ලෝක වෙළදපලේ තෙල් මිල අඩුවීමේ සහනය කොරෝන ප්‍රශ්නය ඉවර වෙනකම් වත් ජනතාවට දෙන්න.. එවිට අපිට අපේ යතුරුපැදි , ත්‍රිරෝධ රථ සහ පුද්ගලික වාහන වලින් වැඩට යන්න පුළුවන්... එවිට දුම්රිය , බස්රිය තදබදය අඩු වේවි...