( තිලිණි ද සිල්වා )
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය .
කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට රජය අපෙක්ෂා කරන බවද ගුවන් සේවා අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්වසාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය. ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි. සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය.
මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවය.ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.
ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර්ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් හෙතෙම අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් හමුවේ පැවසීය .


COMMENTS
"ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත්"........ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ covid 19 test එකට ඩිරාම් 379 ක් (ලංකාවේ මුදලින් 19897.00 ක්) වැයවේ. මේකට මුදල් දෙන්නේ ඇමතිද? මේ වගේ ගොං කතා කියන්න පුලුවන් ප්‍රායෝගික නැහැ . පඩියවත් හරියට ලැබෙන්නේ නෑ. ලංකාවට එන්නේ කවදාද කියලා බලාගෙන ඉන්නේ...? අපිට පුලුවන් ලංකාවේ නිරෝධානය වෙන්න.
ඇත්තටම රට ආරක්ෂිතද? මෙක අපිට හරිම ගැටලුවක්... කට්ටියක් කියනවා.... රට හරි කියනවා. කට්ටියක් කියනවා අනාරක්ෂිතයි කියනවා.. කවදාහරි ඔක්කොමලා එක මතකයක... එන්නෙ නැහැ... මොකද මෙ හදිස්සිය...?
මම සේවය කරන්නේ මාලවි රටෙ... මෙහෙත් කොරෝනා තියෙනවා දැනට 50ක් විතර ඉන්නවා. අපිටත් උණ... ඉක්මණට ලංකාවට එන්නේ මම කියන්නේ දවසක් හරි එයාර්පොර්ට් එකේ තියාගෙන පීසිආර් පරීක්ෂණය කරලා මිනිස්සු එළියට දාන විදිහක් හදලා අපිට එන්න එයාර් පෝර්ට් එකේ වැඩ පටන් ගන්න.
ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය " යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ? අප රටට එන සංචාරකයන්ද නැතහොත් විදේශ රටවල සේවය කරන ලාංකිකයන්ද යන්න පැහැදිලි නැත.??( මෙහි සදහන් පරිදි සියලුම ගුවන් මගින් වියයුතුය) පළමුව මෙය යෝජනා කළ මිහරකා තුන්වේලට අනුබව කරන්නේ ටකරන්ද, රෝස් පන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. විදේශ රටවල සේවය කරන ලාංකිකයන් ඒ ඒ රටවලින් මේ කියන පරීක්ෂණය කර එම වාර්තාව සමග මව්බිමට එනවා යනු ඇති විශාල මුදලක් ඒ ඒ රටවලට ගෙවීම කලයුතු බව මේ යෝජනාව ගෙනා පොල්බුරුවාට නොතේරීම අබාග්‍යකි. අප විස්වාස කරන්නේ එලෙස පැමිණෙන සියල්ලෝම නිරෝධායනය කිරීම කළ යුතු යන්නයි.
ලංකාවට ගුවන් මගින් එන හැමෝටම කොවිඩ්-19 පරීක්ෂණය අනිවාර්ය නම්, ඒ බව ගුවන්යානා සමාගම් වලට සහ ටිකට් නිකුත් කරන ඒජන්තවරුන්ට වේලාසන දැනුම් දෙන්න එපාය. ඒ කියන්නේ ලංකාවට එන්න ගුවන් ටිකට් පතක් ගන්න කොවිඩ්-19 පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඇමරිකාව මේකට ඩොලර් 3000ක් අය කරනවා මම හිතන විදිහට. අනිත් රටවලත් එහෙමයි. ලංකාවට එන්න බලා ඉන්න ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් මැද පෙරදිග සේවය කරන පිරිස් ගැන ලංකාණ්ඩුව මීට වඩා නම්‍යශීලි සහ සාධාරණ විදිහිට හිතුව නම් හොඳයි නේද? ඒ බොහෝ දෙනෙකුට රැකියා සහ සෞඛ්‍ය රක්ෂණ නැතුව ඇති මේ වෙනකොට. අනිත් පැත්තෙන් දශක ගානක් තිස්සේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ විදේශ ශ්‍රමිකයන් එවන මුදල්. ඔවුන්ගේ පාලනයෙන් බැහැරව මේ වගේ කරදරයක් වුනහම ආණ්ඩුව ඒ මිනිස්සු ගැන සල්ලි ඉස්සරහට දාල බලන එක වැරදි නේද? විදේශ සේවා කාර්යාංශයෙන් යවපු අය රක්ෂණය කරලා තිබුනද?
මෙතන තියෙන්නේ සංචාරක කර්මාන්තයට අදාල දේවල්. ලංකාවේ පුරවැසියන් ගැන මෙතන සදහන් කරලා නෑ. හැබැයි කට්ටිය කොරෝනා පරික්ෂණයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අපේ රටේ පිරිස් ලංකාවට එන්නේ සංචාරක වීසා මත කියලා හිතාගෙනද කොහේද ඉන්නේ? බොහෝ රටවලට සංචාරයන් සදහා යාමේදී සමහරක් රෝග නොමැති බව සදහන් වෛද්‍ය සහතික ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ සංචාරකයින්ට විතරයි. ලංකාව විතරක් නෙමේ ඉදිරියේ දී සෑම රටකම එම රටවලට සංචාරක හෝ රැකියා සදහා යාමේදී කොරෝනා පිලිබද වෛද්‍ය සහතිකයක් ගත යුතු වෙයි.
මැද පෙරදිග රුකියා අහිමි වී අසරණ වෙලා ඉන්න අපිට මෙ අධික මිල ගණන් වලට ගුවන් ටිකට්පත් අරගෙන පුළුවන් කමක් නැහැ. මෙහෙට වෙලා වෙලා හාමතේ මැරෙන්න තමයි වෙන්නේ...
මේ අය දන්නේ ඔච්චර තමා.
එම corona පරීක්ෂණය කොහෙන්ද කරගන්නේ කටාර් වල මම ඉන්නේ ගෙදරක තමයි සේවය කරන්නේ මම ජූලි මාසයේ ලංකාවට එන්න ඉන්නේ... එතකොට මෙහෙං කොහෙන්ද පරීක්ෂණ කර ගන්නේ? මොකද ගෙවල් වල ඉන්න අපිව එම පරීක්ෂණ වලට එක්කන් යන එකක් නැහැ... ඒකයි මට විස්තර දැනගන්න ඕන කිව්වේ...