IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය යන විට ඔහු වෙනත් අසනීපයකින් නොසිටි බව තහවුරු වී ඇතැයිද ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.

වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව ගොස් ඇත. ඊයේ දිනය අවසානය වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159 කි.

 



අදහස් (9)

ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

rana Saturday, 04 April 2020 03:27 AM

අවුලක් නැහැනේ ? අපි සිංදු කියා කියා ඉමුනේ? මෙහි ඇති බරපතල කම සැහැල්ලුවට ලක් කරන්න එපා !

:       0       21

හරේන් Saturday, 04 April 2020 04:06 AM

කෝ අර සයිටම් ඩොක්ටර්...? මිනිස්සු මැරෙන්නෙ සයිටම් එක වහපු නිසාය කියාගෙන නං එන්න එපා හොඳේ...? අපිට දැං ඕක අහල එපා වෙලා තියෙන්නේ

:       105       466

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Saturday, 04 April 2020 08:50 AM

සයිටම් එක වහල අපි වගේ අංකුර වෛද්‍යවරුන්ට යන එන මං නැති කරපු එක ඓතිහාසික වරදක්. මේ වගෙ රටකට ඔහොම කෙලවෙන එක එක අතකින් සාධාරණයි.

:       39       0

Amula Saturday, 04 April 2020 05:50 AM

දැන්වත් රෝගය බරපතල් බව තේරුම් ගන්න.

:       0       4

C senevirathne Saturday, 04 April 2020 07:20 AM

අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා දැන් අපි නටමු ගයමු ගීත ගයාලා....

:       5       24

බද්රානි Saturday, 04 April 2020 08:53 AM

ඉතාලියේ හෝ වෙනත් රටවල කොරෝනා රෝගයෙන් මිය යන්නේ අවුරුදු 75 පසු වුණු ශරීරයේ ප්‍රතිශක්තිය අඩු, වයසක රෝගීන් බවයි අප නම් අසා ඇත්තේ. එසේ නැත්නම් යම් තරුණයෙකු මිය ගියේනම්, ඔවුන්ට දැනටමත් කිසියම් රෝගී තත්වයකින් පෙලෙන අයයි. වෙනත් කිසිදු අසනීපයක් නොමැති අවුරුදු 44 රෝගියෙකු මිය ගියේ නම් එය ඛේදවාචකයක්. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලොකු හපන්කමක්. ඉතාලියට වඩා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හරි දියුණුයි කියල හිතාගේනනේ, සමහරු හදිස්සියේම ලංකාවට පැනගත්තේ?

:       16       38

පිටරට වැසියෙක් Saturday, 04 April 2020 04:43 PM

බද්රානි , ලින් මැඩි චින්තනයෙන් මිදෙන්න.. මා ඉන්න රටේ (බ්‍රිතාන්‍ය ) අව්රුදු 16 ,13, වැනි වයස් කාණ්ඩවල අය සහ වයස 50 ට අඩු අයත් ,මේ වසංගතයෙන් මිය ගොස් තිබෙනවා. එයාලාට ශරීරයේ ප්‍රතිශක්තිය අඩු අය බව කියවුනේ නැහැ. ලෙඩේ හැදෙන්න පෙර හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි අය. ඔබට මේ රටේ යහළු මිත්‍රයෝ ඉන්නවානම් ,මම කියන දෙය ඇත්තක්ද බොරුවක්ද කියා දැනගත හැකියි.

:       0       0

Swarna Saturday, 04 April 2020 11:12 AM

මෙම මියගිය පුද්ගලයා ඉතාලියේ සිට පැමිනි කෙනෙක් බව දැනගන්නට ලැබුනා. පලමුව ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. මම හිතන විදිහට ඔහු මෙම රෝගයෙන් මිදීම සඳහා ලංකාවට ගිය කෙනෙක්... සමහර විට නීරෝධානයට ගිය අතරතුර මෙම රෝගය වැළඳුනාද දන්නෙත් නැහැ. නමුත් ඔහු ඉතාලියේම සිටියා නම් මෙම රෝගයට ගොදුරු නොවී ඉන්නත් තිබුනා. දැනට ඉතාලියේ මෙම රෝගයෙන් කිසිම ලාංකිකයෙක් මිය ගිහින් නැහැ.

:       1       7

රවිඳු Saturday, 04 April 2020 11:29 AM

පව් අහිංසකයා නිරෝධායන ආයතනයේ හිටිය කියල වැඩක් වෙලා නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 506 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site