(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිය යන විට ඔහු වෙනත් අසනීපයකින් නොසිටි බව තහවුරු වී ඇතැයිද ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.
වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව ගොස් ඇත. ඊයේ දිනය අවසානය වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159 කි.
COMMENTS
අවුලක් නැහැනේ ? අපි සිංදු කියා කියා ඉමුනේ? මෙහි ඇති බරපතල කම සැහැල්ලුවට ලක් කරන්න එපා !
කෝ අර සයිටම් ඩොක්ටර්...? මිනිස්සු මැරෙන්නෙ සයිටම් එක වහපු නිසාය කියාගෙන නං එන්න එපා හොඳේ...? අපිට දැං ඕක අහල එපා වෙලා තියෙන්නේ
දැන්වත් රෝගය බරපතල් බව තේරුම් ගන්න.
අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා දැන් අපි නටමු ගයමු ගීත ගයාලා....
ඉතාලියේ හෝ වෙනත් රටවල කොරෝනා රෝගයෙන් මිය යන්නේ අවුරුදු 75 පසු වුණු ශරීරයේ ප්‍රතිශක්තිය අඩු, වයසක රෝගීන් බවයි අප නම් අසා ඇත්තේ. එසේ නැත්නම් යම් තරුණයෙකු මිය ගියේනම්, ඔවුන්ට දැනටමත් කිසියම් රෝගී තත්වයකින් පෙලෙන අයයි. වෙනත් කිසිදු අසනීපයක් නොමැති අවුරුදු 44 රෝගියෙකු මිය ගියේ නම් එය ඛේදවාචකයක්. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලොකු හපන්කමක්. ඉතාලියට වඩා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හරි දියුණුයි කියල හිතාගේනනේ, සමහරු හදිස්සියේම ලංකාවට පැනගත්තේ?
මෙම මියගිය පුද්ගලයා ඉතාලියේ සිට පැමිනි කෙනෙක් බව දැනගන්නට ලැබුනා. පලමුව ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. මම හිතන විදිහට ඔහු මෙම රෝගයෙන් මිදීම සඳහා ලංකාවට ගිය කෙනෙක්... සමහර විට නීරෝධානයට ගිය අතරතුර මෙම රෝගය වැළඳුනාද දන්නෙත් නැහැ. නමුත් ඔහු ඉතාලියේම සිටියා නම් මෙම රෝගයට ගොදුරු නොවී ඉන්නත් තිබුනා. දැනට ඉතාලියේ මෙම රෝගයෙන් කිසිම ලාංකිකයෙක් මිය ගිහින් නැහැ.
පව් අහිංසකයා නිරෝධායන ආයතනයේ හිටිය කියල වැඩක් වෙලා නැහැ.