ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද උදෑසන වන විට 99 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඉන් රෝගීන් දෙදෙනකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 97 දෙනෙකි.
ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10දෙනෙකු හඳුනා ගනු ලැබිණි.
COMMENTS
227 රෝහල්වල ප‍්‍රතිකාර ගන්නවා නම් කොහොමද 99ක් වෙන්නේ...?
Imesh ඉතුරු ටිකට කොරෝනා තිබෙනවද කියලා තවම රසායනාගාර පරීක්ෂණය කරලා නැහැ එහෙම නැතිනම් ප්‍රතිඵල එනතෙක් බලාගෙන ඉන්නවා , ප්‍රතිඵල එන්න සාමාන්‍යයෙන් පැය 24ක් ගතවෙනවා
99 කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සන්සන්දනය කරලා බලනකොට විශාල ප්‍රමාණයක් නොවේ. අපි ගුවන් තොටුපල වහල ඇදිරිනීතිය දමල ගත්තු පියවර යම්තරමක සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. නමුත් හරියටම යමක් කිව හැක්කේ තව දවස් 7-8 කින්, කොහොම නමුත් හරි ප්‍රතිඵලයක් ගන්න නම් ඇදිරිනීතිය තව සති දෙකක වත් තබල , ගුවන් තොටුපල සති 3 වත් වහලා තබන්න ඕනේ..., ඉන්පසු එන පුද්ගලයන් අනිවාර්යයෙන්ම රජය විසින් පාලනය කරන නිරෝධන කටයුතු වලට සහභාගී කරවීම අත්‍යවශ්‍ය කාරණයක්..., නැතිනම් මේ ඇදිරිනීතිය දමාගෙන දුක් විදිනෙකේ තේරුමක් නැති වෙන්න පුළුවන් . මේ කටයුතු වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙස වන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ එදිනෙද කටයුතු ( බඩු මිලදීගන්න යන්න , ඇදුම් පිරිසිදු කර ගැනීමට , ගෙදර දොර පිරිසිදු කරගැනීමට ) වැනි දේවල් ගැන සොයල බලල අවශ්‍ය දේවල් කර දීමට බලධාරියෝ කටයුතු කරන්න ඕනේ...