IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

 ( දිල්රුක්ෂි ග්‍රේරු) 

කොරෝනා අසාදිත තවත්   පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23)  තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.

ඊයේ රාත්‍රියේදී රෝගීන්  සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23)  ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ. 

මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලංකාවෙන් හමු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.

අද(23)  උදෑසන වන විට අසාදිත  පුද්ගලයන් 87 දෙනෙකු  හඳුනාගෙන තිබිණි.

කොරෝනා අසාදිත වූ පළමු පුද්ගලයා සුවය ලබා අද (23)  අයි ඩී එච් රෝහලෙන් පිටව ගොස් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.


 



අදහස් (6)

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

බද්රානි Monday, 23 March 2020 02:08 PM

ලංකාවේ මාධ්‍ය රටේ ජනතාවට ඒත්තු ගන්වා ඇති හැටියට,. කොරෝනා රෝගීන් යනු මේ ලෝකෙන් උතුම් රට විනාශ කිරීමට දැන දැනම සිය උවමනාවෙන්ම ලෙඩ සාදාගත් පිරිසකි. මෙහි කොරෝනා බෝකරගෙන සිටින ජනයා කුමන ප්‍රදේශවල අය දැයි නම්, ගම්, ලිපිනයන් ප්‍රසිද්ධ කරපල්ලා. වෙනත් රටවල මොවුන් කොරෝනා ආසාධිත රෝගීන් වුවත්, ලංකාවේ එවුන්ව අප හඳුන්වන්නේ ඔවුන් මරාගෙන මැරෙන මිනීමරුවන් ලෙසයි. කෙසේ වෙතත්, ලංකාවේ දකුණේ අමනයින් පමණක් අප එසේ සලකන අතර අනෙක් ප්‍රදේශ වල සියලුම රෝගීනට අප හදවතින්ම අනුකම්පා කරමු.

:       50       16

chamathkaMonday, 23 March 2020 05:38 PM

කොරෝනා වෛරසය මොලේට විදලා වගේ. තනිකම් දෝෂයක්ද ඔහෙට?

:       0       2

lasika Monday, 23 March 2020 05:45 PM

මෙයා නම් 3% කට්ටියගේ වගේ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 March 2020 03:54 PM

හමුදාව යොදවලා හරි ලංකාවේ මිනිස්සු කඩේට බඩු ගන්න ඉන්න පෝලිමේ මීටරයක් හෝ දෙකක් දුරින් ඉන්න කියලා දෙන්න. නැත්නම් රෝගය මඬින්න කරන අනිත් උත්සාහයන් සියල්ල වතුරේ.

:       0       19

රවිඳුMonday, 23 March 2020 06:39 PM

මේ පිටිගල කියන හාදයත් ලංකාවට පැනලා හැංගිලා සිටින කෙනෙක් දැයි මට නම් සැකයි. ලංකාවටම කොරෝනා බෝකරලා තව කයිවාරුත් ගහන්න එනවා. කරන දෙයක් ඉතාලිය ඇතුලෙම කරගෙන අපට පව් නොදී ඉන්න හලෝ.

:       12       0

පිටිගල මිලානෝTuesday, 24 March 2020 03:15 AM

ගෝඨාභය මහත්තයා නෙවෙයි, හමුදාවත් නෙවෙයි කවුරු ආවත් මේ වගේ අය ඉන්නකල් ලංකාව බේරාගන්න අමාරුයි. මේ අය තමයි අම්මා, තාත්තා මැරුණත් අන්තිම ගල් බෝතල් කාල ගන්න පෝලිම උඩින් පියාඹන වීරෝදාර ලක් පුතුන්. මේ අය මේ අපහාස කරන්නේ තම රටටත්, ඉගැන්වූ ගුරුවරුන්ටත් සහ අත පය කෙලින් කරලා හැදු වැඩු දෙමාපියන්ටත්ය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site