IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී ලාංකික සිසුන් 475 ක් උතුරු ඉන්දියාවේ ආරක්‍ෂිතව

( තිළිණි ද සිල්වා )

ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු උතුරු ඉන්දියාවේ ප්‍රදේශය කිහිපයක ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.⁣

මෙම ලාංකික සිසුන් මේවන විට නවදිල්ලියේදී  පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය 

ඒ අනුව උතුරු ඉන්දියාවේ. පන්ජාබ් ප්‍රාන්තයේ  110, මහරාශ්ට්‍ර 56, උත්තර ප්‍රදේශ 59, ඔඩිස්සා 71, ගජරාට් 43, චටිස්ගාර් 36, දිල්ලි 32, බටහිර බෙංගාලය 32, රාජස්ථාන් 24, මේඝාලයා 4, හිමාවල් ප්‍රදේශ 2, ඇසෑම් 1, ගෝවා 1, හර්යානා 1, මධ්‍ය ප්‍රදේශ් 1, මනිපූර් 1, උත්තර් කන්ද් 1 ක් වශයෙන්. ලාංකික සිසුන් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
තම කාර්යාලය විසින් මෙන්ම වෙන්නායිහි ශ්‍රී ලාංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බයිහි නොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව තවදුරටත් එරට වාසය කරන ශ්‍රී ලංකික සිසුන්ගේ දත්ත එක්රැස් කරන බව නවදිල්ලයේ පිහිටි ශ්‍රී ලාංකා මහ කොමසාරිස් කාර්යාල සදහන් කර සිටී.

මෙම සිසුන් රැඳි සිටින නේවාසිකාගාර අඛණ්ඩව විවෘතව තබාගැනීම,  ආහාර සැපයුම් පවත්වාගෙන යාම  සහ වෛද්‍ය පහසුකම් සැපයීම ආදී අවශ්‍යතා වෙනුවෙන් මේ වනවිට ඉන්දීය රජය සමඟ කටයුතු කරමින් සිටින බවද නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යල කියා සිටී.

එබැවින්  සිය නේවාසිකාගාර තුළටම වී  ආරක්ෂිත රැඳි සිටින ලෙසද මහ කොමසාරිස් කාර්යාලය එම සිසුන්ට උපදෙස් දී ඇතැයිද විදේශ අමාත්‍යාංශය පවසයි.
 



අදහස් (0)

ශ්‍රී ලාංකික සිසුන් 475 ක් උතුරු ඉන්දියාවේ ආරක්‍ෂිතව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site