IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදීමෙන් ඇමරිකාවේදී මරුට

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස එම වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත්තේ නිව්යොර්ක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි රාණි ෆ්ලෙමින්ග් නැමැත්තියකි.ඇය කඩවත ප්‍රදේශයේ සිට මෙරට පදිංචියට පැමිණි අයෙකු බැව් පැවසේ

දීර්ඝ කාලයක පටන් ඇමෙරිකාවේ වෙසෙන ඇය මියයන විට 84 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මෙම මරණයට පෙර ස්විට්සර්ලන්තයේ එක් ලාංකිකයෙකුද , බ්‍රිතාන්‍යයේ සිටි තවත් ලාංකිකයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත් වූහ.

මේ වනවිට ඇමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය  ආසාදනය වූ තවත් ලාංකික පවුල් 4 ක් නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ සිටින අතර ඔවුන් සතියක පමණ කාලයක සිට සිය නිවෙස් වලම නිරෝධායනය වන බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.

එම වයිරසය ආසාදනය වූ ලාංකික පවුල් වල සාමාජිකයන් ගේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවත් , ඔවුන් ගැන වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයගයේ හා  නිව්යොර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ බලධාරීන් විසින් නිරන්තරයෙන් සොයා බලන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් වෙසෙන අතර , එහි සිටන බොහෝ පිරිසක් දිගු කාලයක පටන් එරට නේවාසිකව රැදී සිටින පිරිස් වෙති.



අදහස් (2)

ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදීමෙන් ඇමරිකාවේදී මරුට

lalithm Wednesday, 01 April 2020 12:06 PM

අපි මොවුන් ශ්‍රී ලාංකිකයින් විදියට හඳුන්වන්නේ මොකද? ඔවුන් ඒ රටවල පුරවැසියෝ. මේ තැනැත්තිය ඇමෙරිකානුවෙක්.

:       39       25

PrabhaWednesday, 01 April 2020 12:37 PM

උපතින් ශ‍්‍රී ලාංකික නම් අපිට ඔහු හෝ ඇය ශ‍්‍රී ලාංකිකයෙක්... සමහර රටයෑමට ගොස් අනාගත් අයට මෙක දිරවාගන්න අමාරු බව කණගාටුවෙන් හරි කියන්න සිදුවෙ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site