IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වූ අඩු ම දිනය අදයි

 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පමණක් අද වූහාන් නගරයෙන් වාර්තා වූ බව චීනය අනාවරණය කරයි.

චීනය මේ වනවිට වයිරසය සාර්ථකව පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බැවින් නිවසක සිටි චීනවැසියකුට පමණක් අද වයිරසය ආසාදනය වීම දක්වා ආසාදිතයන් සංඛ්‍යාව අඩුකරගෙන තිබේ.

එහෙත් විදේශයෙන් පැමිණි පුද්ගලයන් 20දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් දිනපතා චීනයට ගුවන් මගීහු 20,000ක් පමණ පිරිසක් පැමිණෙති.

එම ගුවන් මගීන්ට සති 2ක කාලයක් හෝටල්වලට වී කාලය ගතකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව බීජිංහි බලධාරීහු කීහ.

චීනය අද දිනයේදී මරණ 13ක් වාර්තා කළ අතර, මේ වනවිට මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3,226 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 80,881දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇත.

ලොව  පුරා ආසාදිතයන් 181,500දෙනෙකු ද, මිය ගිය පුද්ගලයන් 7,000ක්ද වාර්තා වන අතර, රටවල් 145කට වයිරසය ව්‍යාප්තව ඇත.



අදහස් (0)

වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වූ අඩු ම දිනය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site