IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක්

(අජිත්ලාල් ශාන්තඋදය)     

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූපොල ප‍්‍රදේශයේ කඩාවැටුණු පස්කන්දට යටවීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව ඇති බවත් ලෙල්ලොපිටිය, බරැණ්ඩුව ප‍්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ද එම ප‍්‍රකාශකයා පැවසීය.
 
සුලූ පරිමානයේ නායයාම්, පස්කදු සහ ඉවුරු කඩා වැටිම් කිහිපයක්ම වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර මධ්‍යස්ථානය පවසයි. කොළඹ බළන්ගොඩ ප‍්‍රධාන පාරේ පතුල්පාන ප‍්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් පාරට ඉවුරු කඩා වැටී ඇති බව වාර්තා විය.
 
 බඹරබොටුව ගග හරහා ගයි?නගම සහ ගුරුබැවිලා ගම ප‍්‍රදේශයේ තනා තිබූ සංගිලි පාලමක් වතුරට ගසාගෙන ගොස් ඇති බව පරිසරවේදියෙකු වු අයි.ඒ. ගුණසිංහ මහතා පැවසුවේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එය මෙතෙක් වාර්තා වී නොතිබුණි.
 
මේ අතර 19දා දහවල් 02.30 වනවිට කලූගෙග් ජලමට්ටම මීටර් 8.56ක් හෙවත් අඩි 28යි අ`ගල් 01 බව රත්නපුර මුවගම ජලමාපකයේ දැක්විනි. මේ වනවිට රත්නපුර ප‍්‍රදේශයේ සුලූ ගංවතුර තත්ත්වය ඉක්මවා මහ ගංවතුරක අවදානම් මට්ටමට කලූගෙ`ග් ජල මට්ටම ඉහළ ගොස් ඇතිබව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරඅ අරුණ සමරසිංහ මහතා පවසයි.
 
මුවගම ජල මාපකයේ මීටර් 09.5 ඉක්මවුව හොත් එය මහ ගංවතුර මට්ටමකි. රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේවනවිට ජලයෙන් යටවී ඇත.
 
බළන්ගොඩ නගරය මැදින් ගලා යන දොරවෙළ ඇල පිටාර ගැලීමෙන් බළන්ගොඩ නගරයේ පොදු බස් නැවත්ුම් පොළද 19දා පෙරවරුවේ ජලයෙන් යටවිය. රත්නපුර නගරයට පිවිසිමට විකල්ප පාරක් ලෙස සැකසූ බටුගෙදර සට මුද්දුව මුවගම හරහා නව පාලම දෙපස ද ජලයෙන් යටවී ඇත.
 
දෙනවක් ගගේ ජල මට්ටමද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත. දැනට පවතින තත්ත්වය මේ ආකාරයෙන් පැවතුණ හොත් තවත් පැය කිහිපයකින් රත්නපුර මහ ගංවතුර තත්ත්වයක් ඇතිවනු බවට වාරිමාර්ග දෙපාරතමේන්තුව සැකකරයි.



අදහස් (1)

වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක්

කරුණාසේන Tuesday, 19 May 2020 01:08 PM

එක්දහස් නවසිය අසූගණන්වල පතුල්පාන ප්‍රදේශයේ නාය යාමකින් පිරිසක් මියගියා. එම ස්ථානයේ දැනට ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යනවා එමෙන්ම 1985 ජූනි මාසයේ දිනක රත්නපුර දිසා වන නිලධාරි කාර්යාලයේ සේවය කල අප හිතවතෙක් වූ පුංචි බණ්ඩාර මහතාත්, ඔහුගේ නෑනාත් ඔරුවක් පෙරලී ඥාණාලංකාර මාවතේදී මියගියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site