(මනුල වික්‍රම)
ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග මත තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන 5.30 ට විවෘත කිරීමට රජය කටයුතු කර ඇති බව වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා පැවසීය.
වෙළඳ සංගමය විසින් අද (05) ආර්ථික මධ්‍යස්ථානය වසාදැමීමට තීරණය කරනු ලැබුව ද එම දැනුම්දීමට අනුව විශේෂිත ආරක්ෂක ක්‍රමවේදයන් භාවිත කරමින් හෙට (06) උදෑසන විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව සභාපතිවරයා පැවසීය.
හෙට දිනයේදී ගොවීන්ගේ හා සැපයුම්කරුවන්ගේ වාහන ආර්ථික මධ්‍යස්ථානයට පිටතින් නවතා තබා සංගමයට අයත් වාහන දෙකින් එළවළු තොග ඇතුළට ගැනීමට කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා කීය.
අද දිනයේ වසාදැමීමට සූදානම් වු එම මධ්‍යස්ථානය විශාල ගොවීන් පිරිසක් පැමිණීම හේතුවෙන් විවෘත කිරීමට වෙළඳ සංගමය පියවරගෙන තිබේ.
එළවළු තොග රැගෙන එන ගොවීන් 1000 ත්-1500 ත් අතර පිරිසක් තෙරපීම නිසා මීටරයක පරතරයක් පවත්වාගැනීමට නොහැකි වන බවද සභාපතිවරයා කීය.
කුමන හේතුවක් නිසා වත් සැපයුම්කරුවන්ගේ වාහන ඇතුළට නොගන්නා බැවින් ඊට සූදනානම්ව පැමිණිය යුතු බවත් පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන බවත් වෙළඳ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ විධි විධාන මත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි