සිතුම් චතුරංග
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය නැවත දැණුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වවුනියාව දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් 19 ආසාදිත පුද්ගලකු හමුවීමත් සමඟ ඔහු හා සමීපව ඇසුරුකල පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ සේවය කරන බවට තහවුරුවීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය එලෙස වසා දැමු බව පැවසීය.
පවතින සෞඛ්‍ය අවදානම් තත්වය සැළකිල්ලට ගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය සේවකයින් ඉවත් කිරීමට පියවරගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ පුද්ගලයින් මේ වන විට වවුනියාව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙනුවෙන් යොමුකර තිබේ.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය ඊයේ දිනයේ විෂබීජහරණය කිරීමටද නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාව ජල සම්පාදන කාර්යාලය වසා දමයි