එෆ්.අස්ලම්
කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් වාර්තා වූ වැලිසර නාවික හමුදා කදවුරෙන් (24)වනදා නිවාඩු ලබා පැමිණි බදුල්ල දිස්ත්‍රීක්කයේ නාවික හමුදා සාමාජිකයින් 31දෙනෙකු නීරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සදහන් කරයි.
එලෙස පැමිණි නාවික හමුදා සාමාජිකයින් පිරිස අතරින් ස්ප්‍රීංවැලි, ගිරාදුරුකෝට්ටේ සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අතරින් දෙදෙනෙකු කොවිඩ් 19 දියතලාව නීරෝධායන මධ්‍යස්ථානය වෙතත් උණ රෝගී තත්වයෙන් පෙළුණු අයෙකු බදුල්ල පළාත් මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් ඊයේ (25) ඇතුළු කර ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සදහන් කළේය.
නිවාඩු ලබා පැමිණි වැලිසර නාවික හමුදා කදවුරේ නාවිකයින් 31 දෙනෙකු පමණ පිරිසක් රැගත් බස් රථයක් පෙරේදා(24)වනදා බදුල්ල කරා පැමිණ ඇති අතර ඒ කණ්ඩායම හා පැමිණි නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කිරීමත් සමග ඔහු හා බසයේ පැමිණි සෙසු නාවික සාමාජිකයින් 30 දෙනෙකු සොයා නීරෝධායනය කරවීමට පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටයි.
මෙලෙස පැමිණි නාවිකයින් අතරින් නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මේ වන විටත් හදුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් දෙදෙනෙකු සෞඛ්‍ය බලධාරීන් හා එක්ව ඊයේ (25) නීරෝධායනය සදහා යොමුකළ බවත් සෙසු පිරිසද සොයා ගනිමින් කඩිනමින් නීරෝධායනය සදහා යොමුකරන බවත් බදුල්ල ප්‍රදේශය බාර උසස් පොලිස් නිලදාරියකු සදහන් කළේය.
නාවික හමුදා බසයෙන් පැමිණ බදුල්ල නගරයෙන් බැස සිටි නාවික හමුදා සාමාජික පිරිස පෙරේදා(24) දහවල් නගරයේ සැරි සරා ඇති බවද හෙලිවී ඇති බව එම නිලදාරියා කීය.
සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපදිමින් ආරක්ෂාකාරීව කටයුතු කරන්නැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිසරින් නිවාඩුවට ආ 31 ක් නිරෝධායනයට
apiwenuwanapimai Friday, 24 April 2020 07:38 AM
කාටවත් අපහාසයක් නොවේවා.!!! බුධියෙන් ජයගතයුතු යුද්දයකට, බුදිමතුන්ගේ නායකත්වයක් වෙනුවට, උණ්ඩයේ බලය විශ්වාසකර සේනාදී නායකයන් , දේශපාලකයන් , වෘතිය සමීති නායකයන් පත්කර, එම නායකයන් මෙන්ම රටේ ජනතාවද අමාරුවේ වැටෙන බව , ගෙවල්වලට සිරකර තැබූ සියලුම ආචාර්ය , මහාචාර්ය වරු සහ සියලුම අංශවල බුධිමතුන් (මාද්‍ය සං දර්ශණ පවත්වන උගතුන් යැයි කියාගන්නා අය නොවේ ) උපේක්ෂාවෙන් බල සිටී.