IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා

බිඟුන් මේනක ගමගේ

ශරීරයේ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් වැරැදි වෛද්‍ය වාර්තාවක් ලබාදී ඉන්පසුව එම වාර්තාව අයතා ක‍්‍රමයකින් කුරුණෑගල රෝහල් බාරයෙන් අස්ථානගත කළැයි කියමින් කුරුණෑගල අලකොලදෙනියේ වකුගඩු රෝගියකුගේ දියණියක විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද(24)පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම පියාගේ සිරුරේ මතු වූ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරයා දුන් උපදෙස් අනුව සිදුකළ පරීක්‍ණයක වාර්තා අනුව මෙම තත්ත්වය උද්ගත වී යැයි එස්.එම්.ටී. පියතිස්ස මහත්මිය මෙසේ පැමිණිලි කර ඇත.

එම සදොස් වාර්තාවේ දැක් වූ පොටෑසියම් අගය අනුව තම පියා මාරාන්තික අවස්ථාවකට පැමිණ ඇති බැවින් වහාම රෝහල්ගත කරන්නැයි විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා උපදෙස් දුන්නේ යැයි ද ඉන් අනතුරුව කුරුණෑගල රෝහලට ඇතුලත් කළ රෝගියාට පොටෑසියම් ලබාදීමට වෛද්‍යවරුන් යුහුසුළුව කටයුතු කළේ යැයි ද එයින් පසුව නැවතත් අදාළ පරීක්ෂණය රෝහලෙන් සිදුකිරීමෙන් පසුව ඔහුගේ රුධිරයේ පොටෑසියම් අගය අධිඅවදානම් අගයකට පැමිණ තිබුණේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

එයින් පසුව කුරුණෑගල රෝහලේ නිලධාරින් අදාළ පෞද්ගලික රසායනාගාරයට කතා කොට එම වාර්තාව සදොස් බව දැන්වී යැයි ද එතැන් සිට පෞද්ගලික රසායනාගාරයේ සේවකයන් තමාට කතා කර එම වාර්තාව ඉල්ලා බලපෑම් කළේ යැයි ද ඇය පැමිණිලි කර ඇත.

අයථා ක‍්‍රමයකින් එම වාර්තාව අස්ථානගත කරනු ඇතැයි යන සැකය නිසා එයින් පසු තමා අදාළ වාර්තාවේ ඡායාරූපයක් ගත් නමුත් එදින සවස් වරුවේ පරීක්ෂා කරද්දී පියාගේ වෛද්‍ය වාර්තා ගොනුවෙන් එය අස්ථානගත වී ඒ වෙනුවට දත්ත වෙනස් කළ ව්‍යාජ වාර්තාවක් ඊට එක්කර තිබුණේ යැයි පවසන ඇය ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කළේ යැයි ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් පරිපාලනයෙන් සාධාරණයක් සිදු නොවන බැවින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ යැයි ද සිදුවීමෙන් දැඩි  මානසික කම්පනයට පත්ව සිටින සිය පවුලට සාධාරණය ඉටුකර දෙන්නැයි ද එස්.එම්.ටී පියතිස්ස මහත්මිය එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



අදහස් (2)

වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා

Hafeel Sunday, 24 May 2020 08:27 AM

මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරන්න එක ප්‍රමාණවත් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. හොඳ වෙලාවට වෛද්‍ය ශාෆි ඒ රෝහලේ නැහැ.

:       11       51

jayath Sunday, 24 May 2020 10:00 AM

අපේ මිනිස්සු එච්චර දැනුවත් නැහැ ඔය අතන මෙතන කුකුල් කූඩු වගේ තැන්වල බෝඩ් එල්ලගෙන පවත්වාගෙන යන ඊනියා "රසායනාගාර" වල ප්‍රමිතිය බින්දුවයි.. පුදුමේ කියන්නේ ඕවායේ අයිතිකාරයන් එක්කෝ රජයේ රෝහල් වල වැඩකරන උදවියමයි ! නැත්නම් හැන්දෑවට ඒ ගොල්ලන් වැඩ ! මම මේක වැරදියි කියනවා නෙමෙයි.. තමන් ඉගෙන ගත් දෙයින් සාධාරණව යමක් උපයාගත්තට කමක් නැහැ. නමුත් එයාලත් වැඩ කරන ඔය හුඟක් තැන් ඌරු කොටු වගේ තමයි..

:       0       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site