
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ව්‍යාපාරවලට සහාය වීමක් ලෙස ස්ටර්ලිං පවුම් බිලියන 330ක සහන පැකේජයක් ලබාදෙන බව බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ සහාය ඇතිව මෙම සහන පැකේජය ක්‍රියාත්මක වන බවත් ඒ අනුව මෙය මීට කලින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයට පත් නොකළ ආකාරයේ පැකේජයක් බවත් හෙතෙම කීය.
මෙම මුදල ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් එනම් ආසන්න වශයෙන් යූරෝ බිලියන 363ක් වේ.
‘‘මේ මුදල බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%කට සමාන වෙනවා. මුදල් අවශ්‍ය ඕනෑම ව්‍යාපාරයකට ඒවා ලබාගැනීමට ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. අවශ්‍ය වුණොත් අපි තව පියවර ගන්නවා’’ යැයි ද හෙතෙම කීය.
නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 150කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කර ඇත.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්යෙත් ඡන්දෙයක් තියල 2/3ක් ගන්න හදනවද???
ලංකාවේ බැට කන ව්‍යාපාරවලට මොනවද ලැබෙන්නේ ?