IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වයිරසෙයන් බැට කන ව්‍යාපාරවලට බ්‍රිතාන්‍යයෙන් පවුම් බිලියන 330ක පැකේජයක්


කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ව්‍යාපාරවලට සහාය වීමක් ලෙස ස්ටර්ලිං පවුම් බිලියන 330 සහන පැකේජයක් ලබාදෙන බව බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් මහතා  ප්‍රකාශ කළේය.
 
ආණ්ඩුවේ සහාය ඇතිව මෙම සහන පැකේජය ක්‍රියාත්මක වන බවත් ඒ අනුව මෙය මීට කලින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයට පත් නොකළ ආකාරයේ පැකේජයක් බවත් හෙතෙම කීය.
 
මෙම මුදල ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් එනම් ආසන්න වශයෙන් යූරෝ බිලියන 363ක් වේ.
 
‘‘මේ මුදල බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%කට සමාන වෙනවා. මුදල් අවශ්‍ය ඕනෑම ව්‍යාපාරයකට ඒවා ලබාගැනීමට ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. අවශ්‍ය වුණොත් අපි තව පියවර ගන්නවා’’ යැයි ද හෙතෙම කීය.
 
නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 150කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කර ඇත.
 
.එෆ්.පී.
 
055



අදහස් (2)

වයිරසෙයන් බැට කන ව්‍යාපාරවලට බ්‍රිතාන්‍යයෙන් පවුම් බිලියන 330ක පැකේජයක්

Perera Wednesday, 18 March 2020 03:32 AM

බ්‍රිතාන්යෙත් ඡන්දෙයක් තියල 2/3ක් ගන්න හදනවද???

:       0       0

de silva Wednesday, 18 March 2020 04:11 AM

ලංකාවේ බැට කන ව්‍යාපාරවලට මොනවද ලැබෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site