IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


විදෙස් ගතවූ 39,000 ක් ආපසු එන්න සූදානමින්

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් 38,983 දෙනකුට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට උත්සාහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් මන්ඩලයට විශේෂ දැනුම්දීමක් කරමින් මෙම දැනුම්දීම කර තිබේ.

රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස යළි පැමිණීමට උත්සාහ දරමින් සිටින බවත්, ඉන් 27,854 දෙනකු එම රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සිසු සිසුවියන් 3,078 දෙනකු, කෙටිකාලීන වීසා ලැබූවන් 4,040 දෙනකු, යැපෙන්නන් 3,527 දෙනකු, ද්විත්ව පුරවැසිභාවය හිමි 484 දෙනකු ද මේ අතර වන බව එම වාර්තාවෙන් දැනුම් දී තිබේ.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිට ඉකුත් සතිය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,938 දෙනකු විදේශ රටවල් 15ක සිට මෙරටට ගෙන්වා ඇතැයි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දී ඇත. එසේ ගෙන්වන ලද පිරිසෙන් වැඩි දෙනා සිසු සිසුවියන්, පුණුවට ගිය රජයේ නිලධාරීන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් බවද ඇමතිවරයා එම වාර්තාවෙන් දැනුම් දී ඇත.

චීනයේ වූහාන් පළාතේ සිට ගෙන්වූ සිසුන් 33 දෙනා සහ ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිට ගෙන්වූ 839 දෙනා මෙම පිරිසට ඇතුළත් නොවන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙම පිරිස් නැවත පැමිණීම නිසා ඔවුන්ගේ රැකියාවලට හා අධ්‍යාපන කටයුතුවලට දිගුකාලීනව සිදුවිය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කරන්නැයි විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර ඇතැයි ඉල්ලීමක් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.

මේ අතර වෛද්‍ය ආධාර අවශ්‍ය අය සහ සානුකම්පිත හේතු මත මෙම පිරිසෙන් කොටසක් ගෙන්වීමට ජනාධිපතිවරයාගේ ද උපදෙස් මත කටයුතු යොදා ඇති බවත්, ඉදිරියට ද ඒ ආකාරයෙන් කටයුතු කරන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.



අදහස් (4)

විදෙස් ගතවූ 39,000 ක් ආපසු එන්න සූදානමින්

CHANDIMA Tuesday, 26 May 2020 04:00 PM

එනවෝ... එනවෝ.. කියකියා ඉන්නේ නැතුව අර ප්‍රේමදාස මහත්තයා රද්දොළුගම පැත්තේ හැදුවා වගේ නිවාස සංකීර්ණයක්වත් හැදුවා නම් ඒ එන පිරිසට සල්ලි වලට අරගන්න පුළුවන් වෙන්න...

:       0       0

Anura Gunawardane Tuesday, 26 May 2020 04:16 PM

පිටරට සිට පැමිණෙන සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීම ප්‍රායෝගික නොවේ.. හොඳම දේ නම් ගුවන් තොටුපලේ " PCR පරීක්ෂණය කොට නිවෙස්වලට යැවීමයි. නිවසේ සිට ස්වයන් නිරෝධායනය වීමට...

:       0       0

lalithm Tuesday, 26 May 2020 05:39 PM

කොහොම වුනත් ලංකාව දමලා යනකොට තිබ්බ රෙස්පට් නිකම් පුස්පාට් මේ වෙලේ නැතිව ඇති. අම්මත්, මව්බිමත් දෙකම එක වගේ. කොයිතරම් වැරදි කළත් අම්මට දරුවෝ වටිනවනේ.. !!!

:       0       0

de silva Tuesday, 26 May 2020 08:55 PM

අපේ රටේ පුරවැසියන් අනිවාර්යයෙන් ගෙන්වා ගන්න ඕනේ... ඒක ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1009 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1043 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site