IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෙදනලාවක් තබාගෙන මෝටර් රියෙන් මත්කුඩු ගෙනිය අයෙක් අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජි.සුගතපාල)

වෛද්‍ය නලාවක් සුඛෝපභෝගී මෝටර් රථයේ ඉදිරි පස තබාගෙන මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (10 ) අගලිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව බද්දෙගම පොලීසිය කියයි .

මේ සමගම එම මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රවය භාවිතයට ගන්නා උපකරණයක් රම්බෝ වර්ගයේ පිහියක් ,දුරේක්සයක් ,ජංගම දුරකථන තුනක්, ජංගම දුරකථනවලට දමන සිම් කාඩ් තොගයක්,පෙන්ඩ්‍රව්‍ තොගයක්, ඉන්ජක්ෂන් කටු තොගයක් ,බැංකු කිහිපයක පාස් පොත් රැසක්, ඇදුම් පැලදුම් තොගයක්,ඇතුලු ද්‍රව්‍ය රැසක් මේ සමග පොලීස් බාරයට ගෙන ඇත.

මේ සැකකරු සමග මෝටර් රථයෙන් පැමිනි තවත් සැකකරුවන් තිදෙනෙකු මේ මෝටර් රථය වටලන අවස්ථාවේදී පලා ගිය බවත් එයින් එක් අයෙකු මෝටර් රථයේ යතුර ද ගෙනගොස් ඇති බවත් පොලීසිය කියයි



අදහස් (5)

වෙදනලාවක් තබාගෙන මෝටර් රියෙන් මත්කුඩු ගෙනිය අයෙක් අත්අඩංගුවට

Raveendra Friday, 10 April 2020 06:57 PM

අපගේ මෙම අදහස් විහිළුවකට සදහන් කරනවා නොව කරුණාකර පැහැදිලි චායාරූප , මෙන්ම ලිපිනයද මාධ්‍ය මගින් පල කිරීමෙන් මේවා සුළුවශයෙන් හෝ අඩුකරගැනීමට එය රුකුලක් වෙනු ඇත. මොකද මේ වැඩේ කල නිසා රටම චාරුපත් සමගම එලි වුණා...එවිට සිය පවුලේ දරු මල්ලන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. ඒ බියම ඇති මෙවන් වැඩවලින් සුළුවට හෝ ඈත්වීමට ..

:       2       449

Walter WhiteSaturday, 11 April 2020 12:04 AM

පොලීසියට අහුවෙන්නේ අපරාධකාරයෝ විතරක්ම නෙවේ, වැරදි තොරතුරකට අනුව අහිංසක මනුස්සයෙක් ඇල්ලුවා කියල හිතන්න, තොරතුරට අනුව මේ මිනිහා දරුණු අපරාධකාරයෙක් රේපිස්ට් කෙනෙක් ඉතින් අපේ පොලිස් නිලධාරීන් ඌව ඇල්ලුවා, නිව්ස් එකත් දුන්නා, නම් ගම් ෆොටෝ ඔක්කොම එක්ක, දැන් එක්ක එනවා හඳුනාගැනීමේ පරීක්ෂාවකට, පෙරෙට්ටුවට... පැමිණිලිකාරයෝ මේ මිනිහාව ටීවී එකෙන් දැකල තියෙනවා, පත්තරෙනුත් දැක්ක, හොඳට ඔලුවට වැටුන, මනුස්ස මනසේ ස්වභාවය තමයි පිටින් එන තොරතුරු අනුව මෙමරි එක මොඩිෆයි කරන්න පුළුවන්, පත්තර ටීවී එකෙන් නිවේදනය කරනකොට පීඩාවට ලක්වුණු මනුස්සය මෙමරි එකට දාගන්නවා මූ තමා අපරාධකාරයා කියල, පෙරෙට්ටුවෙත් එහෙම හඳුනාගන්නවා, එත් ඇත්තටම ඔහු අහිංසකයෙක්. එහෙම වෙන්න බැරි නැහැ, අන්තිමේ නිරපරාදේ අහිංසකයෙක් අහුවෙනවා. තවද නඩුවෙන් නිදහස් වෙනකම් මේ වැරදි ප්‍රචාරයත් ලැබිල දරුපවුල් පිටින් අමාරුවේ වැටෙන්න පුළුවන්... පොඩි එවුන්ට පාසල පවා අහිමි වෙන්න පුළුවන්, එක සාධාරනයිද? නිරපරාද අහිංසක මනුස්සයෙක් දඬුවමට ලක් කරනවට වඩා අපරාධකාරයන් නිදහස් කිරීම හොඳයි කියල කියන්නේ එකයි.

:       0       0

lalithmSaturday, 11 April 2020 02:41 AM

නම ප්‍රසිද්ධ කල යුතුයි චායාරූප එක්ක. ඒ වගේම රථය ඔහුගේ නම් රාජසන්තක කල යුතුයි. ඒ වගේම පැහැදිලිවම ඔහු වැරදි කරු බව ඔප්පු වෙනවනම් ලංකාවේ මරණීය දණ්ඩනය නැතිනිසා එළිමහන් සිර කඳවුරුවල තබාගෙන ඔවුන්ගේ වියදම සොයාගන්න විදියේ රැකියා වලට බලෙන්ම යොමුකළ යුතුයි දිවි ඇති තෙක්ම හෝ දිගු කලකට. බොහෝ පවුල් වල මේ වගේ දේවල් කරන්නේ බිරිඳ, මව, හෝ පව්ලේ අයගේ දැනුවත්භාවය එක්ක... ඔවුන්වත් මේවා පොලිසිවලට දැනුම් දෙන්න ඉදිරිපත් වේවි මෙහෙම කලොත්...

:       0       0

PradeepSaturday, 11 April 2020 03:08 AM

හොද අදහසක්.. ඊට අමතරව මේ මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරුවන්ට බරපතල දඩුවම් පැමිණවිය යුතුයි. වරදේ ස්වභාවය අනුව මරණ දඩුවම ලබා දෙන්න. සුළු සුළු දඩුවම් ලබා පිටව ගිය පසු මොවුන් නැවත කරන්නෙත් එයමයි.

:       0       32

Ramendra Saturday, 11 April 2020 05:08 AM

එක සැරයක් පැනලා ගියාම වෙඩි තියනවා. දැන් අහුවෙලත් පැනලා ගියාම යන්න අරිනවා. කාට කියන්නද?

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31363 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13584 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1001 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site