IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වැඩිහිටියන්ට උපදෙස්

(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත්තේ වයසින් වැඩි පිරිස් හා කුඩා දරුවන් වන බැවින් ඔවුන් වඩාත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 

අවදානම් සහිත බැවින් අන් අයට සමීප වීමෙන් වළකින ලෙසත් රෝහල් සායන වෙත යාම අවම කර අවශ්‍ය වන ඖෂධ ආසන්නයේ ඇති ඖෂධ වෙළඳ සැලකින් ලබා ගන්නා ලෙසත් එම කාර්යාලය වැඩිහිටියන්ට උපදෙස් දෙයි. 
එමෙන්ම දෑත් සබන් යොදා නිරතසෝදා ගන්නා ලෙසත් විශේෂයෙන් මුදල් භාවියෙන් හා පිටතට ගොස් පැමිණි පසු අනිවාර්යයෙන් අත් සෝදාගන්නා ලෙසත් වැඩිහිටියන්ට උපදෙස් දී තිබේ. 

අන් අය සමග කතා කරන විට අවම වශයෙන් අඩි තුනක පරතරයක් තබා ගන්නා ලෙසත් දරු මුණුබුරන් සිපවැළඳ ගැනීමෙන් වළකින ලෙසත් කින විට හා කිවිසින විට මුඛය හා නාසය වැළමිටෙන් ආවරණය කර ගන්නා මෙන් වැඩිහිටි ලේකම් කාර්යාලය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.

අමුත්තන් ගෙදරට ගෙන්වා ගැනීමෙන් හා පිරිස් වශයෙන් රැස්වීමෙන් වළකින ලෙසද අත්‍යවශයම කරුණක් සඳහා නිවසින් පිට වන්නේ නම් මුහුණු ආවරණයක් පළඳින ලෙස ද වැඩිහිටියන්ට දන්වන එම කාර්යාලය නිතර උණුසුම් පානයක් ගන්නා ලෙසත් ශීථ කළ බීම නොබොන ලෙසත් දන්වා ඇත. 

සිත සැහැල්ලුවෙන් තබා ගන්නා ලෙස ද සුව නින්දක් හා පෝෂ්‍ය දායි ආහාර වේලක් ලබා ගන්නා ලෙස ද පවතින තත්ත්වය පහව යන තුරු මෙම උපදෙස් අනුගමනය කරන ලෙසද වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙරට ජීවත්වන ලක්ෂ 30 ක් පමණ වන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා වෘද්ධ විද්‍යා සංගමයේ සභාපතිනී වෛද්‍ය පද්මා එස් ගුණරත්න මහත්මිය විසින් කොවිඞ් 19 වයිරසයෙන් වැළකීමට නිකුත් කර ඇති උපදෙස් මාලාව උපුටා දක්වමින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය වැඩිහිටියන් වෙත මෙම පණිවුඩය නිකුත් කර ඇත.  



අදහස් (0)

වැඩිහිටියන්ට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 188 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site