IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයෙන් ලොවපුරා මියගිය ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් ඇත.

අද (26) පස්වරු 5.45 වනවිට ‘නව කොරෝනා වයිරස’ වසංගතයෙන් මියගිය ගණන 2,03,432ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 29,12,421ක් වූ අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 8,27,299ක් විය.

කොරෝනා වයිරසයේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සීමා ලිහිල් කර ඇත. සති ගණනකට පසු අද දිනයේදී ස්පාඤ්ඤයෙන් දිනකදී වාර්තා වූ මරණ ගණන 300ට අඩු විය. අද පස්වරුවෙන් අවසන් වූ පැය24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 288ක් විය. ඒ අනුව කුඩා දරුවන්ට ව්‍යායාම කිරීමට අවසර දීමට ද එරට බලධාරීහු ඊයේ පියවර ගත්හ.

මාර්තු මස මැදදි පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් වයස අවුරුදු 14ට අඩු දරුවන්ට ව්‍යායාම කිරීමට ඉඩ ලබාදීමට එරට බලධාරීහු පියවර ගත්හ.

ලබන සති අන්තයේ සිටි වැඩිහිටියන්ට ද ව්‍යායාම කිරීමට ඉඩ ලබාදෙන බව දැඩි සීමා ලිහිල් කරන බව දැනුම් දෙමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සන්චෙස් පැවැසීය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීම සහ ඉන් අනතුරුව ගන්නා පියවර සම්බන්ධයෙන් ප්‍රංශ අග්‍රාමාත්‍ය එඩුවාඩ් පිලිප් අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සකස් කළ ජාතික උපායමාර්ගයක් අඟහරුවාදා (28) එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ජාතික මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට නියමිත යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම්වලට එක්සත් රාජධානියේ ආණ්ඩුව විරෝධය පළ කර ඇත.

ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට ඉක්මන් වීමෙන් ජනතාව අවදානමේ හෙළන බවත් එබැවින් අදාළ තීරණ ගන්නේ විද්‍යාත්මක උපදෙස් මත පමණක් බවත් බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් පැවැසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ ගුවන් විදුලිය ඔස්සේ එරට ජනතාව ඇමැතීය. කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බැවින් රජය ගෙන ඇති ‘ලොක්ඩවුන්’ සීමා දැඩිව අනුගමනය කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට බිලියන 1.3ක් වන පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

කොරෝනා වයිරසයට එරෙහිව සටන ශක්තිමත් කිරීම සඳහා චීනය මහජන සනීපාරක්ෂව සම්බන්ධයෙන් නව රෙගුලාසි නිකුත් කර ඇත.


055



අදහස් (0)

ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site