ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (21) පනස් ලක්ෂය ඉක්මවා ගියේය.
ලොවපුරා රටවල් සහ පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (21) පස්වරු 5 වනවිට ආසාදිතයන් 50,14,943 දෙනකු වාර්තා වී තිබිණි. ඉන් 13,25,826 දෙනෙක් සුවය ලබා සිටියහ.
ලොවපුරා කොරෝනා ආසාදිත මරණ ගණන 3,28,462ක් විය. වයිසරය ව්‍යාප්ත වී ගොස් තිබෙන රටවල් හා පරිපාලන ප්‍රදේශ 220න් මරණ වාර්තා වන්නේ 184කින් පමණක් යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
වැඩිම ආසාදිතයන්ගේ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 15,57,727ක් වන අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 93,313කි. රුසියාවෙන් ආසාදිතයන් 3,08,705ක් ද මරණ 2,972ක් ද වාර්තා වේ. බ්‍රසීලයෙන් ආසාදිතයන් 2,91,579ක් ද මරණ 18,859ක් ද වාර්තා වේ.
අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,06,750ක් ද මරණ 3,303ක් ද වාර්තා වන අතර පාකිස්තානයෙන් ආසාදිතයන් 45,898ක් සහ මරණ 985ක් වාර්තා වේ. බංග්ලාදේශයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් 26,738ක් හඳුනාගෙන ඇති අතර එරට 386 දෙනකුට වයිරසය හේතුවෙන් ජීවිත අහිමි වී ඇත.
සිංගප්පූරුවෙන් අද පස්වරු වනවිට කොරෝනා ආසාදිතයන් 29,364 දෙනකු වාර්තා වූ අතර කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා විය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
937
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවයි