ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත. අද (28) පස්වරු 7.10 වනවිට නිකුත්ව තිබූ දත්තවලට අනුව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,85,079ක් ලෙස දැක්විණි.
කොරෝනා වයිරසයෙන් හේතුවෙන් ලොවපුරා 2,12,533 දෙනකු මියගොස් ඇති අතර සුවය ලැබූ ගණන 9,34,805ක් දක්වා ඉහළ ගොස් ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා ආසාදිතයෙන් මේ වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ඊයේ පස්වරු වනවිට එම සංඛ්‍යාව 1,010,563ක් ලෙස වාර්තා විය. වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.
දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් ද වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වේ. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 2,32,128ක් ද මරණ 23,822ක් ද වාර්තා වේ. ඉතාලියෙන් ආසාදිතයන් 1,99,414ක් ද මරණ 26,977ක් ද වාර්තා වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd