(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ ස්ථානයක් අද (31)සවස වටලා එහි සිටි කාන්තාවක ඇතුළු 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පියවර ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
ඒ සමගම රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් අලෙවි කළ බවට සැක කෙරෙන, දින රහිත බිල්පත් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ දී දුම්වැටි අලෙවි කරනා බවට කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත පොලීසිය හා එක්ව මෙම වැටලීම සිදුකර තිබුණි.
මේ අතර ජනතාව එක්රැස් වීම වළක්වාලමින් රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් එහි එම ස්ථානයේ හිමිකරු ඇතුළු පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. මෙම පුද්ගලයින් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
15
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති