( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස් දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබ ඇත්තේ කලක් තිස්සේ එරට වාසය කනෙ ලාංකිකයින් පිරිසකට යැයද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණය පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් කර ඇත.
එහිදී ලාංකිකයින් 11 දෙනා සාදය පවත්වමින් සිටයදීම තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුල කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 (රුපියල් 80,000) සිට යූරෝ 3000 (රුපියල් ලක්ෂ හය) දක්වා වූ දඩ මුදල් පැනවූ බව ද එම
තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
ඉතාලියේ මේවන විට පවතින රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ නීතියට අනුව උපන්දින සාද ඇතුලුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම මෙවැනි අවස්ථාවක මියගිය අයට සහ සමස්ත ඉතාලියට කරන අවමානයක් ලෙස සැළකෙන අතර මෙලෙස මෙම පිරිස්ට එරෙහිව පොලීසියට පැමිණිලි කරන්නට අසල්වැසියන් කටයුතු කරන්නට ඇතැයිද
පැවසේ.
සියලුම දඩ වල මුළු එකතුව එරට පොලීසිය සඳහන් නොකරන ලද අතර එරට මාධ්‍ය වලින් එම දඩ මුදල සමස්තයක් වශයෙන් "සුපිරි දඩයක්" බව වාර්තා කර තිබූ බවද තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
COMMENTS
රටට ගමට මොනතරම් නම් ආඩම්බරයක්ද...?
ආදරේ ගති නෑරේ. හදවතින්ම සිරි ලාංකිකයි. ඉන්න තැන අදාල නෑ.
රෝමය ගිනි ගනිද්දී කරපුවා දැන් බැහැ...
ගිය තැනත් ඉවරයි, තමන්ගේ රටත් ඉවරයි
ලක්ෂ ගානක් මිනිස්සු මැරිලා ඉද්දී පාටි දාන්නේ මොන මිනිස්සුද? ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉද්දී අවුරුදු සමරන්නේ කොහොමද කියල කල්පනා කරලා. මෙහෙ මිනිස්සු අවුරුදු සමරන්නේ නැතිව හිටිය, දඩ ගහල මදි කොරෝනා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න දාන්න ඕන. එතකොට තේරේවි අමාරුව
ඔය ඉතාලි ඉන්න ශ්‍රීලන්කන් පිරිස ගැන මම නොදන්නවයැ. කෙරුවොත් ඔය වගේ අසමත් ජාති වැඩ කරන්නේ. අපිටත් එක්ක ලැජ්ජයි....
හොඳ දඩුවමක්. ඇතැම් ලාංකිකයන් පිටරටදී හැසිරෙන්නේ ඔය ලෙසයි. අදාල රටේ සංස්කෘතිය, ආගමික වටිනාකම් ගැන කිසිම තැකීමක් නැහැ. ඉතා අධික ශබ්දයෙන් බජව් දානවා. කෑකෝ ගහනවා. හූ තියා ගන්නවා. ගහ ගන්නවා.
ඉතාලි කට්ටිය ගැන කුමන කතාද? බෙනිෆිට්ස් ගන්න තමා යන තැනක දගලන්නේ. ඔය මිනිස්සු ගිය තැන ඉවරයි...
ලංකාවේ වගේ නොවේ එම රටවල අනවසරයෙන් ලවුඩ්ස්පිකර් දමාගෙන අසල්වැසියන්ට කරදර කරන්න බැහැ. ලංකාවේ උදේ 4ට 5ට පන්සල්වල පිරිත් සහ පල්ලිවල අගමැ කියවීමත් වහාම නතර කල යුතුය... ඒවටත් රුපියල් 100000 ක විතර දඩයක් පනවන්න ඕනේ... බුදු හාමුදුරුවෝ අද පහල වෙලා සිටියානම් නිදාගෙන ඉන්න සතුන්ට සහ මනුෂ්‍යයන්ට කරදර වෙන විදිහට ලවුඩ්ස්පිකර් දමාගෙන පිරිත් කියන එක අනුමත කරන එකක නැහැ. නගරවල සමහර කඩවල් ගෝෂාකාරී ලෙස ලවුඩ්ස්පිකර් භාවිත කර ශබ්දය දුෂණය කිරීම අද සුලබ දෙයක්...
එහෙ මෙහෙ කියලා වෙනසක් නැහැ. බෝට්ටු සංස්කෘතියට කොහෙත් එකයි.
කොහේ ගියත්, පේනවා නේ ?
රට බබලවන්න මාර කැපකිරීමක්නෙ කරන්නෙ අපේ ඉතාලි සෙට් එක.
ලංකාවේ මෝඩ මිනිස්සු සහ පණ්ඩිත බව එයාල දැනගන්න ඇති.
අපේ අය ගිය තැන ඉවරයි.. හොදම වැඩක් දඩ ගහපු එක..
කැලේ මාරුකලාට කොටියාගේ පුල්ලි මාරු කරන්න බැහැ
ඔය ඉතාලියේ ඉන්න අය තමයි ලංකාවටත් කොරෝනා ගෙනාවේ.
ඔය පිටරටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් ඒ රටවල නීතිය හා සංස්කෘතිය සදාචාරය ගැන කිසිදු වැටහීමක් නැහැ.
ඔය බුරුවො ටිකක් තමයි දැන් මාසෙකට ඉස්සෙල්ල ආවේ....
අපේ රටේ මහජනතාව අවුරුදු නොකෑවට, දේශපාලුවෝ, අයිය මල්ලිලා අවුරුදු කෑවා ලෝකෙටම පේන්න. ඉඳල හිටලා අපේ අය ජොලියක් දැම්මම මොකද? මැරිච්චවුන් දිව්‍ය ලෝකේ හරි, ස්වර්ගයට හරි ගිහින් පාටි දානවා ඇති, එහෙ කොවිඩ් නැහැනේ....
යන යන තැන්වල ජරාකරනවා. පුරුද්ද නැතිකරන්න බැරිය.
සදාචාරයක් නැති ශ්‍ර්‍රී ලාංකිකයින් ලෝකයේ සෑම රටකම ඉන්නවා.ඉතාලියට විතරක් සීමා වෙලා නැහැ. .ඒ සදාචාරයක් නැති අය තමා තාමත් ඉතාලියට මඩ ගස ගසා ඉන්නේ.අද ලංකාවේ සම හරක්ට කොච්චර කිව්වත් ඔය නීතී රීති පිළිපදිනවද ? බීරි අලින්ට විණා වාදනය කරනවා වගේ අය තමයි ලෝකයේ විසිරිලා ඉන්නේ. ඒ අයට ඕනේ තමන්ගේ සතුට විතරයි. කොහේ සිටියත් අපි නීතියට ගරු කරන්න ඕනෑ.
ඇමරිකාවේ නිව්යෝර්ක් ස්ටාටන් අයිලන්ඩ් ඉන්න ලංකාවේ අයත්, ඉතාලියේ ඉන්න බෝට්ටු ලාංකිකයොත් දෙගොල්ලම එකම කුලකයකට අයිතියි. චාටර්ම කට්ටිය.
මේ ලුම්පන්-පාදඩ සංස්කෘතියට අයිති මිනිසුන්.....
මේ සමහර පුද්ගලයෝ මීහරක් වගේ හැසිරෙන්නේ.
ලංකාවට විදේශීය විනීමය එවන විරුවොනේ අපි ලංකාවෙන් ඒ මුදල ගෙවා දාමු නේද? ඔහොම ගොබ්බයයෝ ලංකාවේ ඕනෑතරම් ඉන්නවා.