IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලාංකික සිසුන් ගෙන්වන්න කොල්කටාවට තවත් ගුවන් යානයක්

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද (30 ) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1187 දරන එම ගුවන් යානය අද දින උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගියේය.

එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන සිසුන් ප්‍රමාණය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ මේ වනතුරු දැනුවත් කර නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එමෙන්ම සාර්ක් රටවල අතරමං වී සිටින සිසුන් යළි මෙරටට රැගෙන ඒමේ පළමු අදියර ඊයේදිනෙන් අවසන් වූ බව ප්‍රකාශ කළ ද , ඉන්දියාවේ කොල්කටා නුවර මෙම සිසුන් ද අද දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු , එම අදියර නිමාවට පත් වන බවත් , තවත් දින කීපයකින් තවත් රටවල අතරමං වී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමට මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 කු ගමන් ගෙන තිබුණි .

මෙම ගුවන් ගමන සදහා ඒ.321- 251 එන් එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර , මෙම ගුවන් යානය අද පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

මෙම ගුවන් යානය යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
 



අදහස් (1)

ලාංකික සිසුන් ගෙන්වන්න කොල්කටාවට තවත් ගුවන් යානයක්

රවින් Thursday, 30 April 2020 08:26 AM

වැඩේ හොඳයි.හැබැයි රැගෙන ආ හැකි උපරිම සිසුන් ගෙන එනවානම් වඩාත් සුදුසුයි. පහුගිය දවස්වල දැක්කා කට්ටිය වෙලාවට ලැහැස්ති නැතිනිසා දාලා ආවා කියලා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ගෙනෙන්නේනම් වියදම සම්පුර්ණයෙන් ඒ අයවලුන් විසින්ම දැරිය යුතුවේ. ඕනෑම කෙනෙකුට උදවු කළහැකි ප්‍රමාණයක් ඇත. තම තමන්ගේ රුචිකත්වය අනුව අනික් අයවලුන් වැඩකලයුතු නම් වියදමත් එලෙසම දැරිය යුතුවේ.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site