අජන්ත කුමාර අගලකඩ
කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරය දුරකින් පවත්වාගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ.
වර්තමාන තත්ත්වය යටතේ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම දැඩි ලෙස අනුමත නොකරන නමුත්, එසේ රැස්වීම් පවත්වන්නේ නම් ඊට සහභාගිවන සියලූ දෙනා මුහණු ආවරණ පැළද සිටිය යුතු යැයිද එම උපදෙස් මාලාවේ සදහන් වේ.
සහභාගිවන සියලූ දෙනා සදහා සබන් ගා අත සේදීමට හෝ, ඇල්කොහොල් අඩංගු අත්සේදීම් කරන පහසුකම් සැලසිය යුතු වන අතර රැස්වීම් අතරතුර එකිනෙකා අතර මීටරය දුරක් පවත්වා ගතයුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රසිද්ධ රැස්වීම් සදහා නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ.
මෙසේ උපදෙස් නිකුත්කර ඇතත් එම ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්විය හැකි වන්නේ රජය ඒ සදහා අවසර ලබාදීමෙන ප‍්‍රසිද්ධ බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
COMMENTS
රැස්වීම් වලට සහභාගී වනවා තියා ඡන්දය භාවිතා කරන්නවත් බුද්ධිමත් ජනතාව යන එකක් නෑ. කෑම පාර්සල් එකට ගල් කාලකට යන මෝඩ ජනතාව නම් යයි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සවවලට සහභාගී වීමේදී මෙම උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ වාර්තාවක් උපුටා දක්වමින් ඊයේ ලංකාදීප පුවත්පතේ වාර්තාවක් පල කර තිබූ අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊයේ රාත්‍රී පුවත්වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කල බවයි. සාමාන්‍ය ජනතාවට නීති රීති දමනා රජයේ ප්‍රධානින් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන ප්‍රශ්න නොකරන්නේ ඇයි? පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද?
අනේ අනිච්චන්. ඔය වැඩේනම් කෙරෙයි ටක්කෙටම....
නිදහස් ස්වෛරී ව පැවැත්විය හැකිද?
කාටද අනේ රැස්වීම් තියන්නේ...? හැමෝටම ඕවා අහල අහල ඇතිවෙලා... සංගීතයක් දැම්මොත් නම් කොරෝනා කැලේ.
ගෙවල් වලින් ඇල්කොහොල් ගෙනෙන්න තමයි කියන්න වෙන්නේ... ඕව කරන්න බැරි වැඩ හලෝ.... පාසල් ටික අරිනකම් යන විදිහට යමු....
මළගෙදර ගිහින් අගමැතිතුමා මීටරය නෙමේ සෙන්ටිමීටරයවත් තියාගෙන හිටියේ නැහැ. ඔක්කොම කට්ටිය අගමැතිගේ කරේ. එක්කෝ නිරෝධායන නීති රේගුලාසි අකුලගන්න. නැත්නම් ඡන්දෙ ආකුලාගන්න. රටට විහිළු සපයන්නේ නැතුව.
හරිද ඒක? එතකොට තොණ්ඩමන් ඇමැතිවරයා මියගිය මොහොතේදී තලංගම රෝහලට ආව මිනිස්සු අතර ඔය පරතරය තිබ්බද? එතැනදී සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ ප්‍රසිද්ධියේ උල්ලංඝනය කළේ රටේ දෙවැනි පුරවැසියා නේද?
"..එහෙනම් ඉතින් ගෝල් ෆේස් එකේම 250ක් වත් දමන්න බැරිවේවි... මේ ඔය මළඉලව් සෞඛ්‍ය නීති බල්ලට දමලා .. කොල්ලනේ සී.ටී.බී. බස් 1000 ක් විතර පුරෝලා වහල්ලු ගේන්න. එදාට ඉතිහාස ගතවන දෙයක් වෙනවානේ..අපේ රනිල් මහත්තයත් අපේ පැත්තට පනිනවානේ. ඇත්තටම ඉතින් පනින්න දෙයක් නැහැ පැනලානේ තිබුණේ...
දේශපාලනයට සම්බන්ධ මෙවැනි නඩුකාර උදවිය නිසා අනෙකුත් ස්වාධීන විනිශ්චයකාරවරුන්ගේද ගෞරවය කෙලෙසනවා. එබැවින් මෙවැන්නන්ට නැවත වරක් වැරදි කිරීමට ඇති අවස්ථාව නැති කළ යුතුයි. දඬුවම් දීම අනිවාර්යයි.