රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙනකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇතිතේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන් පස් දෙනෙකි.
ශ්වසන ආධාරක පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වනවිට ගින්න පාලනය කර ඇති බවත් රෝහලේ සිටි පුද්ගලයන් 150දෙනකු පමණ ඉවත්කර ඇති බවත් එරට ආපදා අමාත්‍යාංශය පවසයි.
ලොව පුරා තහවුරු කරගත් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් තුන් වන තැන ගන්නේ රුසියාවයි.
මේ වනවිට රුසියාවේ කොරෝනා රෝගීන් 221 334ක් වාර්තා වන අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 11 656ක් තහවුරු වී තිබේ.
කොරෝනා ආසාදිත පුද්ගලයන් 2 009 දෙනකු මියගොස් ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අඩුවක් තියනවා. කොරෝන වලින් සුවය ලැබූ ප්‍රමාණය 40000කට වඩා ඉන්නවා කියලත් ලියන්න...