IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රුසියාවේ රැදී සිටි ලාංකිකයින් 181 ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ 

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරණ විශේෂ  ගුවන් යානය අද(25) දින අලුයම 5.50 ට රුසියාවේ , මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කළහ .

පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේදැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළහ .
 
ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ වල නංවා ගෙන , එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.
 
රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි . මීට පෙර පසුගිය 22  දින රාත්‍රී 10.54 ට ද මෙවැනිම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින්  රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .



අදහස් (7)

රුසියාවේ රැදී සිටි ලාංකිකයින් 181 ක් කටුනායකට

Sanath Kandy Monday, 25 May 2020 05:30 AM

ලොකු ලොක්කන්ගේ දුවල පුතාලා ගෙන්නගන්න තියෙන හදිස්සිය මැදපෙරදිග රැකියා අහිමි වෙලා කන්න බොන්න නැතුව දුක් විදින අසරණ මිනිස්සු ගෙන්නගන්න නැත්තේ ඇයි? රට මෙච්චර කල් දිව්වේ ඒ මිනිස්සු හම්බ කරලා එවපු විදේශ විනිමය වලින්...

:       11       1029

Dubai VajiraMonday, 25 May 2020 06:42 AM

අඩු තරමින් ඒ මිනිසුන්ට කන්න බොන්න බඩු ටික අරන් දෙන්නවත් තානාපති කාර්යාලවලට සල්ලි නෑ කියනවා. මෙහෙ තියෙන මිනිස්සුයි එතෙර අපි, සහන වගේ සංවිධානයි දෙන ආධාරවලින් තමයි ඒ අසරණ මිනිස්සු පණ ගැට ගහගන්නේ...

:       2       233

NissankaMonday, 25 May 2020 10:10 AM

අපි රට ඉද්දී අවුරුදු දෙකකට වතාවක් දාහත්දාහයි, දහදාහයි, තුන්දාස් හත්සියයි කියලා ගෙවන රක්ෂණ මුදල් වලින්වත් මේ මිනිසුන්ට ආධාර කරන්න. දැනටමත් කටාර්වල සාජා වල කොල්ලෝ පාරේ හිඟාකනවා.

:       0       108

San80Monday, 25 May 2020 11:23 AM

පව්... ඡන්දෙට කොඩි එහෙම උස්සන් ආපු අයට ඔහොම කරන එක. (ඒ අයට දැන්වත් මොලේ පෑදේවා...!!! )

:       0       123

janatha anura Monday, 25 May 2020 07:40 AM

රුසියාවේ අධ්‍යාපනය ලබන බොහොමයක් ඇති හැකි අයගේ ළමයින්, පින්තූර බලන්න වාමාංශික පෙරමුණුවලට සම්බන්ධ අයගේ ළමුන්ද සිටිනවා.. ඉගෙනගන්න ඇතුල් වන්නේත් ඇති හැකි අය මේ ඉගෙනගත් පිරිස් ඔස්ෙට්ලියාව, නවසීලන්තය ආදී රටවලට සංක්‍රමණය වෙනවා... මෙතන පක්ෂය අදාල නැහැ... ව්‍යවසනයකදී ඇති හැකි අය අනුග්‍රහය ලබනවා. අනෙකුත් අය මියයනවා. ලෝක ස්වභාවය එහෙම වුණත් ඉන්දියාවේ, චීනයේ ජනතාව එසේ වී නැත. වෙනසක් නැතිව අවශ්‍ය අය නැව් යොදවා හෝ මුදවා ගන්නවා... ඉන්දියාව ගුවන්යානා 68ක් යොදවන බව පැවසෙනවා... ගාන්ධි, නේරු, බුදුන් වහන්සේ බිහිවුණු දේශයේ ප්‍රත්පත්ති එහෙමයි.. නමුත් අපේ රටේ ඩඩ්ලි, ඩී.ඇස්, ඩඩ්ලි, සිරිමාවෝ බණ්ඩාරනායක පරම්පරාව ධනපති වුණත් පාලනයේදී එසේ පක්ෂග්‍රාහී වෙලා නැහැ ජනතාව වෙත...

:       24       65

jayaMonday, 25 May 2020 11:21 AM

අපිට ගණන් බෑ. ලංකාව වගේ 60 ගුණයක් මිනිස්සු ඉන්න රටේ ගුවන් යානා 68ක් යොදවලා...

:       0       4

janahitha Monday, 25 May 2020 07:49 AM

පොහොට්ටුව ධනපතියන් විසින් ආක්‍රමණය කර ඇත. ධනපති පන්තිය නියෝජනය නොකළත් එය පොහොට්ටුවකි. නිර්ධන පන්ති එකතුව පවරා ගත් පොහොට්ටුවට දීර්ඝ ගමනක් තිබිය නොහැක .මෙම බෙදා වෙන් කළ පක්ෂය නැවත නැගිටුවා සිටිය හැක්කේ බණ්ඩාරනායක පවුලේම නව නායකත්වයකට පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site