IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියාවේ අගුලුදැමීමේ සීමා ලිහිල් කෙරේ

රුසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පැවතියද මොස්කව්හි අඟුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව මොස්කව් නගරයේ උද්‍යාන සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කර ඇති අතර සති නවයකට පසු ප්‍රථම වතාවට එළිමහනේ ඇවිදීමට සහ සීමා සහිතව ව්‍යායාම්වල නිරතරමට අවස්ථාව ලැබී තිබේ.

රුසියාව කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව පසුකළ බව ජනපති ව්ලැදිමීර් පුටිං මහතා පසුගිය සතියේ නිවේදනය කළේය.

නව ආසාදිතයින් 9035 දෙනෙකු එරටින් අද වාර්තා වූ අතර අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 162 කි.

ඒ අනුව රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 414,878 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඇමරිකාවට සහ බ්‍රසීලයට පසුව ලොව තුන් වැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වීමෙනි.

වෛරසය හේතුවෙන් රුසියාවෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 4855 කි.


-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

රුසියාවේ අගුලුදැමීමේ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site