( තිළිණි ද සිල්වා )
සිය රැකියා අහිමිව රුමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන් ලබා දීමට එරට කම්කරු අමාත්‍යවරිය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මීට පෙර මෙම ශ්‍රී ලාංකික සේවකයන් සේවය කළ ආයතනයේ බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට සැක කරන බව සොයා ගැනීම හේතුවෙන්, එම ආයතනයේ සේවය කිරීම මෙම පිරිස ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉකුත් අප්‍රේල් මාසයේදී රැකියා අහිමි වූහ.
කෙසේ වෙතත් එරට කම්කරු අමාත්‍ය වයොලෙමා ඇලෙක්සැන්ඩෘ මහත්මියගේ මැදිහත් වීම මත යළිත් මෙම ලාංකිකයින්ට නව රැකියාවන් ලැබී ඇති අතර මේ අනුව රොමේනියාවේ රැකියාවල අඛණ්ඩව නියැලීමට හැකි වන පරිදි ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකුට විකල්ප සේවා යෝජකයෙකු ලබා දී තිබෙන බව ඊයේ රොමේනියානු රජය පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.
මෙම කාරණය මිත්රශීලීව සමථයකට පත් කිරීමට රොමේනියානු රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශංසාවට ලක් කල බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී
රුමේනියාව සඳහා අක්ත ගන්වා ඇති වෝර්සොහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මෙම ශ්‍රී ලාංකිකයන් සදහා ඉඳුම් හිටුම් පහසුකම් හා වෙනත් අවශ්‍යතා සැපයීම සඳහා රොමේනියාවේ කම්කරු අමාත්‍යාංශයේ හා වෙනත් සංවිධානවල පහසුකම් ලබා ගනිමින් තවදුරටත් ක්‍රියා කරමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුමේනියාවේදී රැකියා අහිමිවූ ලාංකිකයින් 36 දෙනාට එරට රජයෙන් නව රැකියා