කවිතා සුබසිංහ
මහර බන්ධනාගාර රැඳවියන් විසින් එක් දිනක් තුල නිෂ්පාදනය ලද ආරක්ෂිත කබා 500 ක් උතුරු කොළඔ ශික්ෂණ රෝහල වෙත භාරදීම මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ මූලීකත්වයෙන් මහර බන්ධනාගාරයේදී අද (4) සිදු කෙරිණි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකොන් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත තුෂාර උපුල්දෙනිය මහතාගේ අනුමැතිය හා වැඩිදුර උපදෙස් මත මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ ඝෘජු අධික්ෂණය යටතේ මහර බන්ධනාගාරයේ මැහුම් පාඨමාලාව හදාරනු ලබන රැදවියන් විසින් මෙම සෞඛ්‍ය ආරක්ෂිත කබා නිෂ්පාදනය කර තිබේ.
මීට පෙරද රාගම රෝහල වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ 1000 ක් නිෂ්පාදනය කර ලබා දීමට එම රැදවියන් කටයුතු කර තිබිණ.
මහර බන්ධනාගාර රැදවියන් විසින් නිපදවන ලද මෙම ආරක්ෂිත කබා තොගය උතුරු කොළඔ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අසංක දිසානායක මහතා වෙත එම කබා තොගය ප්‍රදානය කළේය.
සමාජයෙන් වෙන්ම සිරගත වී සිටියද රට වෙනුවෙන් හදිසි ආපදා අවස්ථාවේ මෙම රැදවියන් විසින් ලබාදෙන මහගු දායකත්වය සියළු දෙනා අගය කල යුතු බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට මගපෙන්විම සිදුකල මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ඇතුළු මහර බන්ධනාගාරයේ සමස්ථ නිළධාරින් වෙත කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරන බව වෛද්‍ය අසංක දිසානායක මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසීය.

2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැඳවියන් නිපැයූ ආරක්ෂිත කබා 500ක් රාගම රෝහලට
kumara Saturday, 04 April 2020 12:38 PM
" සිරකරුවෝද මනුෂ්‍යයෝය...." ඔබ සැමට තෙරුවන් සරණ පතමී...!