IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන් බන්ධනාගාර නිලධාරින් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා ඇති වී තිබෙන උසස් නිලධාරියකු අද (15) පැවසීය.

මෙම පුද්ගලයා දිර්ඝ කාලයක් අසර්බයිජානයේ සේවය කර ඩුබායි රාජ්‍ය හරහා පසුගිය මාසයේ 17 වැනිදා දිවයිනට පැමිණි පුද්ගලයෙකි.

ගල්කිරියාගම,දේවහුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රථවාහන නඩුවක් සම්බන්ධයෙන් කැකිරාව අධිකරණය මගින් රුපියල් 25,000 ක දඩයකට යටත්ව එය නොගෙවිමෙන් බන්ධනාගාරගත වූ අයෙකි.

මෙම පුද්ගලයා රෝහල්ගත කිරිමෙන් පසුව එම රෝගයට බියෙන් 215 කට ආසන්න බන්ධනාගාර නිලධාරින්ගෙන් 150කට ආසන්න පිරිසක්ම සේවයට වාර්තා නොකළ බව බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතා කීවේය.



අදහස් (14)

රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති

isurandi Sunday, 15 March 2020 08:44 AM

මේ මොන කරුමයක්ද ?

:       0       5

chinthaka Sunday, 15 March 2020 08:49 AM

මේ වෙලාවේ කරන වැඩකට සහයෝගය දෙන්නේ නැතුව ඔහොම හරක් වගේ හැසිරිලා හරියනවද? කොරෝනා හැදිලා නම් කාට හරි එ්කෙන් වැළකෙන්න ඕනේ කරන උපකරණ පාවිච්ච් කරගෙන වාර්තා කරන එක නේද වෙන්න ඕනේ...?

:       1       104

lanka Sunday, 15 March 2020 09:08 AM

නොපෙනෙන දේකට මෙහෙම බයනම් හොඳ කුඩු මුදලාලි කෙනෙක්, පාතාලයේ කෙනෙක්, නායකයෙක් හිරේට ආපුවම කොහොම බයෙන් ඇතිද ? උයලා කන්න දීලා අනික් දේවලුත් කරනවා ඇතිනේ.

:       0       44

ravi Sunday, 15 March 2020 09:16 AM

ඔය, කොරෝනා රැඳවියා... කුඩුකාරයින්ගේ මැද්දට ගිහින් දාන්න පුළුවන් නේද..?

:       1       31

RaveendraSunday, 15 March 2020 10:00 AM

ඇත්තෙන්ම කරන්න පුලුවන්නම් ඔන්න වැඩ.ඒ විතරක් නොවේ අර අන්තරේ කාලකන්නි. එතකොට පාතාලේ අය. අපේ මුදල් හොරා කාපු සත්ගුණවත් බැංකු හොරු ටික. ඒ අයත් මේ ගොඩේම තියලා කරොත් තමා හොදම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ.

:       1       19

isurandiSunday, 15 March 2020 10:48 AM

අසුබ විදිහට නොසිතන්න මේ වෙලාවේදී... නීතියෙන් කෙසේවෙතත් ස්වභාවධර්මයා විසින් දඬුවම් කරයි කවදා හෝ දවසක වැරදි කළොත්...

:       0       3

Willowsdrive Sunday, 15 March 2020 10:06 AM

ඉතාමත් පහත් මානසිකත්වයක්...

:       27       10

Ruhunu Sunday, 15 March 2020 10:40 AM

එහෙමනම් ඉස්පිරිතාලවල ඉන්න වෛද්‍යවරුත්, හෙදියනුත්, ගෙවල්වල නවතින්න වෙයි... කොරෝනා රෝගීන් ඉසිපිරිතාලේ ඉන්නවයි කියලා. නොඑන සියලු දෙනාම රැකියාවලින් නෙරපන්න ඕනේ.

:       0       45

Jailer Sunday, 15 March 2020 10:48 AM

ආපු නැති කට්ටියට මල් මල් ගවුම් ටිකක් අන්දලා ගන්න ඕනෑ... අවුරුදු කුමාරිට යවන්න.

:       0       10

මුණසිංහ Sunday, 15 March 2020 10:50 AM

කාෙහොමටත් ඔතන ඉන්නේ බිය ගුල්ලන් පිරිසක්... බන්ධනාගාර ගත කරන මැරයින්ට බයයි. හමුදා නිලධාරින්ගෙන් පුහුණුවක් ගත්තොත් හොඳයි...

:       0       5

ක්‍රිෂාන් Sunday, 15 March 2020 11:00 AM

පුදුම වෙන්න දෙයක් නෑ.. ලංකාවේ මිනිස්සු එහෙමයි. පුදුම ආත්මාර්ථකාමී ඡාතියක්.. වෙන රටවල මිනිස්සු කැපවීම් කරනවා ලංකාවේ හරක් බයේ හැංගෙනවා... ඉතාලියෙන් ආපු ගොන්හරක් ටිකත් කරපු රැඟුම් දැක්කනේ...

:       0       112

Prabha Sunday, 15 March 2020 11:09 AM

ඉතාලියේ ගිලන්රථ සේවකයෙක් මැරිලා... ඒත් අනික් අය පැනලා ගියේ නැහැ... ඒකට අපේ අය...

:       0       0

de silva Sunday, 15 March 2020 11:21 AM

සේවයෙන් පහ කරන්න... අර ඕනේතරම් රැකියා අපේක්ෂිත උපාධිකාරයින් ඉන්නවනේ ඔවුන්ව පුහුණු කර සේවයට යොදවන්න... මේක ඉන්ෆ්ලුවන්සා රෝගයක්, කොටින්ම කියනවා නම් වෛරස් උණ හෙම්බිරිස්සාවක්, ලංකාවේ සොයාගත් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කළ සුවපත් කරලා තිබෙන රෝගයක්, කවුරුවත් අද වෙනතුරු මේ රෝගෙන් ලංකාවේ මැරිලා නැහැ... මේකටත් බයේ රැකියාවට එන්නේ නැතිනම්... මොවුන් බන්ධනාගාර සේවයට නුසුදුසුයි... ආගමන විගමන නිලධාරීන්, ගුවන් යානා පිරිසිදු කරන්නන්, දොස්තරලාට, හෙදියන්ට මේ රෝගය බෝවීමට කොපමණ අවධානමක් තිබෙනවද...?

:       1       14

Bamunuarachchi Monday, 16 March 2020 02:54 AM

215ම පඩි සහිත නිවාඩුවක් ගන්න හිතන්න ඇති. ඔවුන්ගේ නිවාඩුවලින් අඩුකරන්න. අපේ මිනිස්සු කල දුටුකළ වල ඉහගන්න උපන් හපන්කම් ඇති මිනිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1193 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1188 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site