සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන ගොස් රත්නපුර රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නැවියකු පි.සි.ආර් පරික්ෂණයෙන් පසු අද (24) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි නාවික සෙබළකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි සිටි මොහු ඊයේ (23) රාත්‍රියේ රත්නපුර මහා රෝහලට ඇතුළත් කර තිබෙි.
අද දිනයේ සිදුකල පි.සි.ආර් පරික්ෂණයෙන් පසු මෙම නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.
පසුව එම නාවික සෙබලා කොළඹ අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ කියයි.
COMMENTS
මේ යන විදිය නම් ඉතාම ගැටලුකාරීයි. තව මාසයක්වත් රට සම්පුර්ණයෙන්ම වහන්න තියෙන්නේ.
අන්තිමේදී ජා ඇල කුඩ්ඩන් නාවික හමුදාව අත්අඩංගුවට ගත්ත වගේ වැඩක්. රටම අනතුරේ වැටීමක්.... දැන්වත් ඇස් ඇරලා කුඩ්ඩන් සමාජයෙන් තුරන් කරමු. උන්ට උදව් දෙන දේශපාලුවොත් එක්කම. මතකනේ ඉස්සර හිටිය කට්ටිය.
තත්ත්වය භයානකයි...!!!
ඔවුන්ට අවශ්‍ය ආරක්ෂික ඇඳුම නොදීමේ වරද තමයි මේ.මේක හින්දා තමයි කලින් සෞඛ්‍ය පරික්ෂකවරුත් මේ නිරෝධායන වැඩවලින් අයින් වෙන්න හැදුවේ. වෛද්‍යවරු මුළු ශරීරයම ආවරණය කරගෙන හසුරුවන රෝගීන්ව මුලින්ව හොයාගන්න යවන සෙබළුන්ට තියෙන්නේ නිකන් මුඛ ආවරණයකුයි අත්වැසුමයි. විතරයි
ජා ඇල පැත්තේ මීගමුව පැත්තේ කුඩුවල ලොක්කා කව්ද කියලා පාරේ ඉන්න බලු කුක්කොත් දන්නවා. මේ ව්‍යසනයට මුල එතන. හැබැයි මෙතැන නාවික හමුදාව අතිනුත් බරපතල නමුත් සමාව දියයුතු අත්වැරැද්දක්. මේකට medical mistake කියලා කියන්නත් පුළුවන් .මොකද මෙතක් කලක් phi ලා, පොලීසිය, හමුදාව තමයි මේ අයව කළමනාකරණය කළේ. නමුත් කවදාවත් ඔහොම දෙයක් උනේ නැහැ. ඒක ඔවුන්ගේ ගෞරවයට ලියා තියන්න ඕන. මින් ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න වග බලාගන්න එකයි වගකීම.
අපේ රටට මහා පවුරක් බදුවූ විරෝදාර රණවිරුවනි, රටේ ජනතාවට මහා අස්වැසිල්ලක් මෙන්ම ආරක්ෂාවක් ලබාදුන් ඔබලා සැමට සියලු දෙවි රැකවරණ සමග ඉක්මන් සුවය ලැබේවා ! ජාතියේ මුර දේවතාවන් ඔබලයි.ඉක්මන් සුවය ලැබී නැවතත් අප සියලු දෙනා රැක ගැනීමට ඔබලාට ශක්තිය ලැබේවා!ඔබ සැමට ත්‍රිවිද රත්නයේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා!