(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.
ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද පොලිස් සඳහන් කළේය.
අද උදැසන 6.00 ට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳීරි නීතිය ඉවත් කිරිමට නියමිතව තිබූණි.
රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ තුළ තවදුරටත් ඇඳීරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේය.
රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පවුල් 60 ක් නිරෝධානයට ලක්කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමටද සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය. .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්නපුරට - පැල්මඩුල්ලට ඇඳිරිය දිගටම
මුණසිංහ Thursday, 09 April 2020 01:20 AM
දැන් ඉතින් හැංගිමුත්තන් කෙළිමින් එහා මෙහා පනින්න ගනීවි. සිදුවූ මරණය සිහි තබා ගෙන තම ජීවිතයවත් ආරක්ෂා කර ගැනිමට කල්පනාකාරිව ගෙදරටම වෙලා ඉන්න.