IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව අද (8) පස්වරු 4 වනවිට රටවල් පහක කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි.

අද පස්වරු වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වූ අතර ආසාදිතයන්ගේ ගණන හාර ලක්ෂයකට ආසන්න වී තිබිණි. එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 399,929කි.

දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා විය. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 146,929 කු වාර්තා වූ අතර ඉතාලියෙන් වාර්තා වූ ගණන 135,586කි.

සිවුවැනියට ප්‍රංශයෙන් ආසාදිතයන් 110,070ක් වාර්තා වූ අතර ජර්මනියෙන් ආසාදිතයෝ 107,663ක් වාර්තා වූහ.

අද පස්වරු වනවිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයනගේ ගණන 55,957ක් විය. ඉරානයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 65,589ක් වූ අතර චීනයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 82,783ක් විය.

අද පස්වරුවෙන් ගත වූ පැය 24ක කාලයේදී මැලේසියාවෙන් නව ආසාදිතයන් 156 කු, ඉන්දුනීසියාවෙන් 218 දෙනකු සහ රුසියාවෙන් 1,175 දෙනකු වාර්තා වී තිබිණි.

අද පස්වරුවේදී පෝලන්තයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,000 ඉක්මවා ගියේය. ඊයේ පස්වරු වනවිට මැලේසියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 4,119ක් ලෙසත් ඉන්දුනීසියාවෙන් වාර්තා වූ ගණන 2,956ක් ලෙසත් රුසියාවෙන් වාර්තා වූ ගණන 8,672ක් සහ ඊශ්‍රායලයෙන් වාර්තා වූ වූ ගණන 9,400ක් ලෙසත් දැක්විණි.

මේ අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ඉතියෝපියාව පියවර ගෙන තිබිණි.

රොයිටර්ස්/අල්ජසීරා

055



අදහස් (1)

රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

ccccccccc Wednesday, 08 April 2020 12:16 PM

ලක්ෂය ඉක්මවයි? පිස්සුද?

:       51       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site