(රංජන් කස්තුරි)
කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත.
ඉතාලිය , ඉරානය , දකුණු කොරියාව , ප්‍රංශය , ජර්මනිය ස්පාඤ්ඤය , ස්වීඩනය , ස්විස්ටර්ලන්තය , ඩෙන්මාර්කය නෙදර්ලන්තය සහ ඕස්ට්‍රියාව රටවලින් කිසිඳු මගියෙකු ශ්‍රී ලංකාවට ඇතුළු කර නොගන්නා බව සිවිල් ගුවන් සේවා සමාගම කියයි.
යුරෝපයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක නිරෝධායනයකට යටත් වීම අනිවාර්ය කිරීමටද රජය තීරණය කර ඇත.
මේ අතර පොදු ප්‍රවාහන සේවයට යොදාගන්නා බස්රථ සහ දුම්රිය විෂබිජ හරණයකට ලක්කිරීමටත් ආරක්ෂක අංශවල සහායෙන් එම වැඩපිළිවෙල හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.
රටතුළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමටද රජය තීරණය කර ඇත.
COMMENTS
චීනයට තහංචි දාන්න කොන්ද පණ නැති හැටි.
හොඳයි. හමුදාව නැතිනම් ඉතින් ඉවරයි. අපි සැවොම ණයගැතියි ඔවුන්ට.
චීන්නු?
එංගලන්තයේද මෙය වේගයෙන් පැතිරෙමින් පවතින නිසා වහාම මහා බ්‍රිතාන්‍යය තහනම් කරන්න පසුවට කරදර වෙන්නේ නැතුව. අපි පිටරට හිටියත් අපේ පුංච් රට ආරක්ෂා කරගන්න ඕනේ.
හෙට අනිද්දා සිට පැවැත්වීමට නියමිත මහා පරිමාණ ඡන්ද රැස්වීම වලට එන කිසිම කෙනෙක්ට ඕක බෝවීමේ අවධානමක් නැති හින්ද ඒවා පවත්වලා වෙනත් උත්සව අවස්ථා තහනම් කරමු.
හොද තීරණයක්. උපරිම උත්සාහයකින් මේ රටේ වසංගත තත්වයක් ඇතිවීම වළක්වමු.
චන්ද රැස්වීම නතර කළ යුතුයි. තත්වය දරුණු උනොත් ඡන්දය තියන්න බැරිවෙයි. තව මාස හයක් තියෙද්දී මේක විසුරෙව්වා බල තණ්හාවට.
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම...
සුද්දන්ව නැවතුවට වැඩක් නැහැ... ඔය ලෙඩේ ලංකාවට අරන් එන්නේ ලංකාවේ අයයි.
වැඩකරන විරුවා.... ප්‍රධාන උල්පත වහන්නේ නැතිව පොඩි ජාල ධාරාවන් වහන්න උත්සාහ කරන තවත් මෝඩ වැඩක් තමයි මේකත්...