IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස්

කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍යනොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ රාජ්‍ය සේවකයන් වෙත අද නිකුත් කළ චක්‍ර ලේඛයක් මගින් උපදෙස් මාලාව දැනුම් දී ඇත.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි මාර්තු මස 19  දින නිකුත් කරන ලද උපදෙස් මාලාව අනුව මාර්තු මස 23  සිට 27  දක්වා රාජ්‍ය සේවකයන්ට සිය  නිවෙස්වල සිට දුරස්ථ සේවා සැපයීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණ.  දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් දුරකථන හා කෙටි පණිවුඩ (SMS )මගින් කළයුතු රාජකාරී සඳහා උපදෙස් දෙනු ඇත.  මේ කාලය රජයේ නිවාඩු නොවන අතර නිවසේ සිට රාජකාරිය සඳහා දුරකථනයෙන් සම්බන්ධවීමට සූදානම්ව සිටිය යුතුය.
 
නිවසේ සිට රාජකාරී කිරීමෙන් ස්වයංව නිරෝධායනය වන අතර දුම්රිය, බස් රථ හා  නැවතුම් පොළවල අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළකී. එය සියලුදෙනාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට  ඉවහල් වෙයි. අත්‍යාවශ්‍ය සේවාවන් ද, විදුලිය, දුරකථන, ඉන්ධන, බැංකු කටයුතු, භාණ්ඩ ප්‍රවාහනය හා බෙදාහැරීම අඛණ්ඩව හා විධිමත්ව කිරීමට  මෙය උපකාරි වනු ඇත. කොරෝනා වෛරසය මර්දන හා නිවාරණ කටයුතුවල නිරත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට, පොලීසීයට සහ ආරක්ෂක සේවාවන්ට අත්‍යාවශ්‍ය සේවාවන්වල නිරත කාර්ය මණ්ඩල සහ මාධ්‍යවේදීන්ට සිය කාර්යය ඉටුකර ගැනීමට ද ඉන් පහසුවක් සැලසේ.
 
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරිවුම්හල්වල, මත්පැන් අළෙවි හල්වල, කඩ සාප්පුවල, හා භෝජනාගාරවල ගැවසීමෙන් හා විනෝද චාරිකාවල යෙදීමෙන් වළකින ලෙස ද රජය ඉල්ලා සිටී.

රටට, අවශ්‍ය තරම් ආහාර, ජලය හා ඉන්ධන ඇති අතර, ඒවා බෙදා හැරීමට පියවර ගෙන තිබේ. අවශ්‍යතාවට වැඩියෙන් භාණ්ඩ රැස් කිරීමෙන් වැළකීම සියලුදෙනාගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ‍
 

 
රජයේ සියලුම නිලධාරීන්ගේ මාසික වැටුප මාර්තු 23 දින ගෙවීමට උපදෙස් දෙනු ලැබිණ. නිවසේ සිටින  කාලය තුළ නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමට මෙන්ම අත්‍යාවශ්‍ය බෝග වගාවන්ට අවස්ථාවක් කර ගන්නා ලෙසත්, දරුවන් හා වැඩිහිටියන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් අවශ්‍ය දේ මිලදී ගැනීමට තනිව වෙළෙඳපොළට යන ලෙසත්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් රජය ඉල්ලා සිටී.
 
රූපවාහිනී හා ගුවන් විදුලි සේවා විකාශය කරන ආගමික, අධ්‍යාපන, චිත්‍රපට, නාට්‍ය, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් නිවසේ සිට නැරඹීමට මේ කාලය යොදාගන්නා ලෙසත් රජය සියලු නිලධාරීන්ගෙන් ඉල්ලයි.

 



අදහස් (1)

රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස්

සිරිබිරිස් Monday, 23 March 2020 01:31 PM

රූපවාහිණීයේ පෙන්නන බොහෝ චිත්‍රපටි විදේශවල ඒවා ඒවා බලලම අප්‍රියයි. වෙන තියෙන්නේ දරුවන්ගේ මනස අවුල්කරන කාටුන්... මේවා බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් තේ හෝ කොළ කැඳ චැට් වැනි විකාරදේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site