IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුරෝපීය නායකයෝ කොරෝනා මඬින්න සාකච්ඡා අරඹති

කොරෝනා වයිරසයට එරෙහිව ඒකාබද්ධ උපායමාර්ගයක් සැකසීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නායකයෝ අද (17) පස්වරුවේ විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා ආරම්භ කළහ.

යුරෝපා සංගමයට අයත් රටවල දේශසීමා වසා දමමින් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන්බිමන් තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා නායකයන්ගෙන් අවධානය යොමු වී තිබේ. මේ සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.

යුරෝපා සංගමයට අයත් රටවල් තළ නිදහසේ ගමන් කිරීමට හැකි ‘ෂෙනගන්’ ගමන් බලපත්‍රයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් මෙහිදි යුරෝපීය කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ද ලියෙන් අදහස් දැක්වීමට නියමිතව තිබිණි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට යුරෝපයේ සෑම රටකටම ව්‍යාප්ත වී ඇත. වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි. යුරෝපයේ මෙන්ම චීනයෙන් පසු කොරෝනා වයිරසය නිසා වැඩිම බලපෑමකට පත්වූ රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.

දේශසීමා වසා දැමීමේ තහනම මුලින්ම දින 30කට ක්‍රියාත්මක වනු ඇති අතර අදාළ තහනම නැවත සිය රටවල් බලා පැමිණෙන යුරෝපීය ජාතිකයන්ට, සමාජ සේවකයන්ට, රටවල් හරහා ගමන් කරමින් රාජකාරීවල නිරත වන වෘත්තිකයන්ට හෝ පුරවැසියන්ට හෝ සහ බ්‍රිතාන්‍යයට අදාළ නොවන බව වාර්තා විය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ හිටපු සාමාජික රටකි.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (1)

යුරෝපීය නායකයෝ කොරෝනා මඬින්න සාකච්ඡා අරඹති

රවින් Wednesday, 18 March 2020 01:18 AM

ෂා !! ඇයි මෙච්චර ඉක්මනින්? තව ටිකක් පොදු ජනයා මැරෙන්න, දුක්විඳින්න දිලාම ඊට පස්සේ මැඩ පවත්වන්න සාකච්චා කරානම් තමා හොඳ? ඔං නායකයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site