ලොවපුරා තිබෙන යුද ගැටුම් නවතා දමන්නැයි ද සටන් විරාම ප්‍රකාශයට පත් කර යුද ගැටුම් තිබෙන ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂා කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ‘‘වහා ක්‍රියාත්මක වන පරිදි ගෝලීය සටන් විරාමයක්’’ ක්‍රියාත්මක කරන්නැයි ද ජගත් මහ ලේකම්වරයා සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළේය.
නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී කෙටි කතාවක් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.

එහිදි එක්සත් ජාතීන්ගේ ප්‍රධානීයා කිසිදු රටක් හෝ සංවිධානයක් පිළිබඳ විශේෂ සඳහනක් නොකළ අතර යුද ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අවදානම් ඇතැයි පෙන්වා දුන්නේය.
‘‘කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. එය ආයුධ සන්නද්ධ යුද්ධයකට වඩා විශාල යුද්ධයක්. මම අද මෙතැනට ආවේ ඒ නිසයි. මේ තත්ත්වය හේතුවෙන් මම ලෝකයේ සෑම කොනකම තිබෙන ගැටුම් නවතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝලීය සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි මා ඉල්ලා සිටිනවා’’ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවැසීය.
වසර දහයක් මුළුල්ලේ සිවිල් යුද්ධයකට මුහුණ දී සිටින සිරියාවෙන් ද ඉකුත් දා පළමු කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තා විය. යුද ගැටුම් පවතින කො0ගෝ ජනරජයෙන් මෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.
යුද ගැටුම් පවතින බොහෝ රටවල් දුප්පත් මෙන්ම දුර්වල සෞඛ්‍ය පද්ධති තිබෙන රටවල් යැයි විශේෂඥයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෙන්වාදෙති.
‘‘ආයුධ සන්නද්ධ ගැටුම්වලට විරාමයක් තියන්න කාලය ඇවිත්. අද අපි අපේ ජීවිත බේරාගැනීමේ සත්‍ය සටනට අවධානය යොමු කළ යුතුයි. තුවක්කු නිහඬ කරන්න. කාලතුවක්කු නවත්වන්න. ගුවන් ප්‍රහාරවලට තිත තියන්න’’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද ගැටුම් නවතාලන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි
de silva Tuesday, 24 March 2020 03:32 PM
කොරෝා නෙවේ වසූරිය හැදුනත් ඒවා නවත්වන්නේ නැහැ....
Raveendra Wednesday, 25 March 2020 04:04 AM
මෙයත් අපේ දේශපාලුවන් ඉගෙනගෙන ලෝකෙටම විහිළු සපයනවා වගේ...කව්ද ලියා දුන්නේ කියවන්න කියල ඒක...අර බෝක්කුව උඩ ඉදගෙන ට්‍රම්පට් ගහන අයියද ? එයාටත් ආතබුත නැහැ....