(රන්ජිත් කරුණාවීර)
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත්බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.
මහියංගණ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ තිරණය පරිදි එම තීරණය ගෙන තිබේ.
නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ලේකම්වරයා කීවේය.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ වෙළෙදසැල් සියල්ල වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කර ජනතාව දැනුවත් කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.
ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රාදේශීය මට්ටෙමෙන් තීරණ ගන්න දුන්නොත් තව අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා. රජයට වැඩේ කරන්න දීලා ප්‍රාදේශීය මට්ටමේ අය අවශ්‍ය තොරතුරු සහ වෙන්න ඕන දේවල් රජයට දැනුම් දෙන්න.