IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවූ කතක් අත්අඩංගුවට

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරූ බව කියන වාද්දුවේ කාන්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව  නීති කොට්ථාස භාර නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිරෝධායන කරන පුද්ගලයන් මෙරටදී නිසි අයුරින් නිරෝධායනට ලක් නොකරන්නේ යැයි පවසා ඒ හේතුවෙන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත තත්ත්වය පත් වී ඇති බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා හැර ඇති බව නියෝජ්‍ය පොලිස් පති වරයා පැවසීය.

වයස අවු.40 වන එම කාන්තාව වාද්දුව රජමල් මාවතේ පදිංචි කාරියකි.
 



අදහස් (11)

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවූ කතක් අත්අඩංගුවට

samare Sunday, 05 April 2020 05:36 PM

මේ අපේ පිටුවට කඩා වැටුන " චම්පාද..".?

:       509       220

amaradasa Sunday, 05 April 2020 10:27 PM

මටත් හිතෙන්නේ මේ නම් චම්පා තමයි. එයා තමයි මේ ලංකාදීපය පිටුවේ පච හලන්නේ.

:       1       10

Dr. Shrimal Sunday, 05 April 2020 11:09 PM

නිරෝධායන කියන්නේ කිරි හරක් පත්තියක දාලා පොලීමට තියලා කන්න දෙනවා වගේ වැඩක් කියලා තමයි ලංකාවේ නිලධාරීන් හිතන්නේ. නැත්නම් කොහොමද නිරෝධායනය ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ පොසිටිව් වෙන්නේ ?

:       75       8

RaveendraMonday, 06 April 2020 04:50 AM

Dr නමට මුලින්ම තිබෙන විට අප කුඩා අවදියේදී පාසල් යන බස්රථයේ ටිකට් දෙන මාමට අප ආමන්ත්‍රණය කලේ K dr මාම ලෙසය. මෙම වෛරසයේ හැසිරීම් රටාව මෙතෙක් ලෝකයේ හරියටම සොයාගෙන ඇද්ද නැද්ද වත් නොදත් /නොතේරුණු ඔබ කෙසේ කොන් ..දොස්තර කෙනෙක් වුයේද? එලෙසම ඔබගේ මෙම වචන " තමයි ලංකාවේ නිලධාරීන් හිතන්නේ." වලින් හැගෙන්නේ විදේශ රටක කොන්..දොස්තරයෙක් බවය. කෙසේවෙතත් වෛද්‍යවරයකුට තිබිය යුතු මුලික ගුණාගයක් වන විනීතව කතා කිරීම , විනීතව වචන හැසිරිවිම පිලිබදව හා සන්සුන්බාවය ඔබගේ අඩස්වල ගැබ්වී නොතිබීම හාස්‍යට කරුණකි. කෙසේ වෙතත් නන්දාමාලනි මහත්මියගේ ඉතාම අරුත්බර "සරුංගලේ වරල් සැලේ " ගීතයේ මෙම පදපෙල "උපන්බිමට වැඩිය තැනක් ..කොහෙද තියෙන්නේ..." යන්න සිහියට නගමින් Dr. Shrimal ට වෛද්‍ය විද්‍යාවේ "කෙල පැමිණ" අවංකව ලොවට යමක් කිරීමට හැකිවේවා යන්න ප්‍රාර්ථනා කරන්නෙමු.

:       0       202

kanchana de silva Monday, 06 April 2020 09:50 AM

නිරෝධායනය කියන්නේ ලෙඩ හොඳ කරන වැඩක් නොවෙයි. දවස් 15 අවසන් වුනාට පසු එයාට යන්න අරිනවා. ඊට පස්සේ වෙන කෙනෙකුගෙන් මේ මනුස්සයාට කොරෝනා වැළදෙන්න පුළුවනි. ඔබ දොස්තර කෙනෙක්ද නැතිනක් කොන් දොස්තර කෙනෙක්ද...?

:       0       34

Champa Monday, 06 April 2020 02:06 AM

සමරේ සත පහක්වත් අය කරන්නේ නැතුව මාව ප්‍රවර්ධනය කරන හැටි ගැන මම මේ කල්පනා ක‌ළේ. සංසාර ණයක් වෙන්න ඇති නේද?

:       73       75

lal Monday, 06 April 2020 03:04 AM

නියෝජ්‍ය පොලිස්පති වරයාට අසැබි ලෙස බැන්නේද කාන්තාවක්. මෙසේ බොරු ප්‍රචාර කර ඇත්තේද කාන්තාවක්. සමහර හික්මිමක් නැති කාන්තාවන්ට මොකද කළයුත්තේ? අපේ රටේ නිතිය සැමට සාධාරණය කිව්වට බොහෝ අවස්ථාවල කාන්තාවන් තමන් කාන්තාවක් නිසාම වාසි ගන්නවා.

:       0       206

dilan Monday, 06 April 2020 03:10 AM

අසත්‍ය තොරතුරු පවසා කිසියම් අයෙකු රිමාන්ඩ් කෙරෙව්වොත් එයට ගතහැකි ක්‍රියාමාර්ගය කුමක්ද? (පොළිසියේ සමහර අය පක්ෂපාතිව ක්‍රියාකර ඇත්නම් හා එය ඔප්පු කළ හැකිනම්) සහ එකී බොරු පැමිිනල්ල මත පදනම්ව නඩුත් පවරලා තව තවත් අසරණ කරන්න ගියොත් මොනවද කල යුත්තේ?. කාටද කිවයුත්තේ? මෙහෙම දේවල් වලට නිතිය ක්‍රියාත්මක වෙනවද?

:       1       88

දසුන් Monday, 06 April 2020 05:45 AM

‍රාජිත, සරත් ෆොන්සේකාට වෙන නීතියක්ද?

:       1       0

Mangala Monday, 06 April 2020 05:51 AM

වසර 2ක් හිරෙ....

:       0       0

wimal Monday, 06 April 2020 08:30 AM

පට්ට ගහන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 588 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 810 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 342 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site