IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි

(ඡායාරූප  සහ වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් " මහජන බැංකුව " විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක්  ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි.

ඒ අනුව ගම්පහ නගරය⁣ට ආසන්නයේ පිහිටි ගම්පහ අස්ගිරිය ඇනිකට් පාර , යක්කල බෝගමුව , මල්වතුහිරිපිටිය , ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලදී පැවැත්වු බව මහජන බැංකුවේ ගම්පහ ප්‍රදේශීය කළමනාකරු නලීන් පතිරණගේ මහතා පැවසීය . 

මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද  මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් කීය.

රජය විසින් ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය බලපැවැත්වෙන  කාල සීමාව පුරා මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන බවද , මහජන බැංකුව ඇතුළු ඕනෑම රජයේ හා පෞද්ගලික බැංකුවල පවත්වා ගෙන යන ඉතිරිකිරීමේ ගිණුම් වලින්  රුපියල් ලක්ෂය දක්වා වූ මුද්ල ආපසු ගැනීම් හා තැන්පත් කිරීම් , ජල , විදුලි , දුරකථන ආදී ඕනෑම බිල්පතක් ගෙවීමේ පහසුකම පූර්ණ ආරක්ෂාව යටතේ සිදු කිරීමට ජනතාවට හැකි බවද හෙතෙම වැඩිදුරටත්  කීය.

ඒ අනුව හෙට (30 ) දිනයේදී මහජන බැංකුවේ මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාව මීරිගම  හා අඹේපුස්ස ආශ්‍රිත ප්‍රදේශ අතුරු මාර්ග වලදී ක්‍රියාත්මක වන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර නලීන් පතිරණගේ මහතා කීය.

මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික් තදාසන්න ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම සදහා මහජන බැංකුවේ ගම්පහ සහකාර ප්‍රාදේශීය කළමනාකරු ජේ.ඩී.ආර්.ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයක් එක්ව සිටී.



අදහස් (7)

මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි

Suneth Sunday, 29 March 2020 01:26 PM

මෙය ඉතා ‌හොඳ ‌සේවාවක් ‌ෙලෙස අගය කරනවා.

:       0       9

Anton Austria Sunday, 29 March 2020 01:55 PM

අපේ රටෙ ඉන්නේ ලොවක් දිනපු අදවතක් ඇති මිනිසුන්. මගේ රටට හා රජයට රෝහල් වැඩකරන කොරෝනා ලෙඩ්ඩු වෙනුවෙන් වැඩකරන ඔබට ආචාර ...

:       0       19

lalithm Sunday, 29 March 2020 02:37 PM

වැඩේ ඉතාම හොඳයි. අපි ඉන්නේ ඉඹුල්ගොඩ පියරතන මාවතේ. මේ පැත්තේ නම් ආවේ නැහැ. කමක් නැහැ. ඊළඟ වතාවේ එන්න කලින් දවසේ හෝ පැයකට විතර කලින් හොඳින් ශබ්ද වාහිනියක් යොදාගෙන දැනුම් දෙන්න. සේවාව සඳහා මුදලක් අය කර මෙවැනි සේවාවක් සපයන්න. ගරු කටයුතු ක්‍රියාවක්...

:       0       18

Shyamali senanayake Tuesday, 31 March 2020 04:13 AM

මොනතරම් විශිෂ්ට සේවාවක්ද? මම අගය කරනවා. වර්තමාන තත්වය සමඟ අසරණ වී සිටින මිනිසුන්ඳ හා ඉතා ‌හොඳයි. දිගටම කරගෙන යන්න. රජය මෙවර යහපත් දේ කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට දෙවියන් ආශීර්වාද කරයි !

:       0       2

Gamini pahalawatta Tuesday, 31 March 2020 06:45 AM

මෙක හොද වැඩක්.. විශේෂයෙන්ම මෙ වෙලාවෙ...මම ඉන්නේ කෝට්ටෙ මාදිවෙල පාරෙ.... කරුණාකර අපේ පැත්තට එන්න.මොකද අපේ අතේ සල්ලි නැහැ.ඒ නිසා අපට උදව් කරන්න..

:       0       0

Indika Tuesday, 31 March 2020 11:55 AM

පිළියන්දල සිට හොරණ දක්වා යනවා නම් හොඳයි. විශේෂයෙන් අතුරු පාරවල් වල....

:       0       1

සජීව Wednesday, 08 April 2020 04:06 AM

මේක යන්නේ ප්‍රධාන පාරවල විතරයි. අතුරු පාරවලට මොනවත් එන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13301 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site