මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ.
බෞද්ධ රටක් ලෙස පිළිගැනෙන තායිලන්තයේ ද කොරෝනා වයිරස ව්‍යාප්ත වී ගිය අතර ඒ හේතුවෙන් ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන වසා දැමිණි.
තායිලන්තය ද ලොව බොහෝ රටවල් මෙන් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ අතර එරටින් අද (2) පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 3,083ක් විය.
විහාරස්ථානවලට ඇතුළුවීමට පෙර එම ස්ථානවලට පැමිණෙන සියලු දෙනාගේ උණ පරීක්ෂා කරන අතර මුඛ ආවරණ පැළැඳීම අනාවර්ය වේ.
පසුගිය සතියක කාලයේදී සමාජය තුළින් ආසාදිතයන් වාර්තා නොවීමත් සමඟ තායිලන්තය මේ වනවිට ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
තායිලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 58කි.
අල්ජසීරා
055
COMMENTS
අනේ, අපිට නම් ඕවලින් වැඩක් නැහැ. අපිට ඕනා මැරීගෙන හරි චන්දෙ දාන්න යන්න. ඔය විහාරස්ථාන වල කියන බන වලට වඩා අපිට අපේ අධිකරණය කියන දේ විශ්වාසයි. අනික පෝයට පන්සල් ගියාම කොරෝනා බෝ වුණාට, චන්ද මධ්‍යස්ථානයකදී කවදාවත් ලෙඩ බෝවෙන්නේ නැහැ. අතින් වියදම් කරගෙන පොසොන් පෝයට පන්සල් යනවට වඩා ගානක් අතට අරගෙන චන්ද මධ්‍යස්ථානයට යන එක මොනතරම් වාසිදායකද? මැරිලා නිවන් යනවට වඩා, හොඳයි ජීවත් වෙලා ඉද්දි පාලකයින් කාල ඇඳලා සතුටින් සිටිනවා නරඹන එක. ඒ පිනම ඇති නිවන් යන්න? හා නැද්ද?
ඔබසැමට තෙරුවන් සරණ සහ පිහිට ලැබී සතුටෙන් සාමයෙන් ජීවත් වීමට ලබේවා.
බෞද්ධ රටක් ලෙස නොවේ... තායිලන්තය කලින්ම බෞද්ධ රටක් 94.50% ඉන්නේ බෞද්ධ අය ලංකාවේ ඉන්නේ 70.2% යි.
අනේ අපිටනම් අවුලක් නැහැ අපිනම් කැමති වෙලාවට කැමති පන්සලකට ගිහින් හිසතෙල් ග ගත්තා, බෝධි පුජා තිබ්බා, පිරිත් පින්කම් තිබ්බා, හෙලිකොප්ටරෙන්ම ගිහින් කප්රුක් පුජා තිබ්බා. ඒවගේම කැමති වෙලාවක අවශ්‍ය ලෙසටම PCR පරීක්ෂණත් කරගත්තා.
ඒකට අපේ රටේ පන්සල් පල්ලි කෝවිල් කතෝලික දේවස්ථාන වහලා. ඒ වුනාට බාර් ඇරලා. දේශපාලකයන්ගේ අවමගුල්වලට දහස් ගණනක් සහභාගී වෙනවා . හැමදේම ඇරලා ආගමික ස්ථාන වහලා ඒ ගොල්ලෝ විතරක් ගිහිල්ලා වැද පුදාගන්නවා. බලාපොරොත්තු වුනේ මෙය නම් නෙවෙයි. අනේ මගේ රටට ගිය කලක්....